වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණියේ දූෂණ හා අක්‍රමිකතා පිටු දකින බව කියමිනි. එහෙත් එය තෝරා ගත් සිදුවීම් තුලින් ජනතාවට නාට්‍ය පෙන්වන තැනට අද වන විට පත්ව තිබේ. 2015 වසරේදී මූල්‍ය අපරාධ කොට්ඨාසය දැක්වූ කරුණු අනුව යමින් ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා නාලිකාව වූ CSN හෙවත් කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් රූපවාහිනී නාලිකාවේ විකාශන කටයුතු නතර කරනු ලැබුවේ එවක ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ විකාශන බලපත්‍රය අත්හිටවීම අනුවයි.
එහිදී CSN නාලිකාවට බලපත්‍ර කොන්දේසි කිහිපයක්ම කඩ කිරීම යටතේ චෝදනා ගොනු විය. එහෙත් 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ යලි බලයට පත් වීමත් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවහිරය හකුලා ගැනීමට කටයුතු කළේය. ඒ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පරීක්ෂණ ක්‍රියාත්මක පවතිද්දිය.
එලෙස පරීක්ෂණ නිමා නොවූ යෝෂිත රාජපක්ෂගේ බව කියන රූපවාහිනී නාලිකාව පසුගියදා යලි අහස නමින් සිය විකාශන කටයුතු ආරම්භ කළේය.
අහස රූපවාහිනී දැන් හිමිකරු කවුද ? නිලංග කරුණාරත්න නම් ව්‍යාපාරිකයෙකි. ඔහු එක පාර අහසින් පාත් වූ මුදල් විශුද්ධිකරණය කරන අයෙක් බවට චෝදනා එල්ල වී තිබෙි. ඒ ඔහුගේ ව්‍යාපාරය ලෙස සදහන් කර ඇති වැනිලා වගාවෙන් මෙවන් නාලිකාවක් පවත්වා ගෙන යාමට ආදායමක් ලැබෙනවාදැයි හැමටම නැගෙන ප්‍රශ්ණයකි. එනම් ඔහු රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කරන ඒජන්තයෙක් ද යන ප්‍රශ්ණයද පැනනැගෙයි.
මෙහි ඇති වඩාත් ආකර්ෂණීය සිදුවීම වන්නේ හිරු රූපවාහිනී නාලිකාවේ සිටි ප්‍රභලයන් මෙන්ම මාධ්‍ය ලෝකයේ නමක් දිනා ගත්තවුන් ඉතා ඉහළ වැටුප් ලබා දෙමින් අහස නාලිකාවට බදවා ගැනීමයි. අහස නාලිකාව සිය විකාශන කටයුතු ආරම්භ කර ඇත්තේත් ආන්දෝලාත්මක CSN නාලිකාව සිය විකාශන සිදුකළ බත්තරමුල්ල ගොඩනැගිල්ලේ වීම විශේෂත්වයකි.එම ගොඩනැගිල්ලද ඩී ඒ රාජපක්ෂ පදනමට අයත් එකකි.
මෙලෙස කළු සල්ලි සුදු කරන මැෂිමක් බව කියන අහස රූපවාහිනිය රටේ ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආශිර්වාදය ඇතුව ජාතික ජන බලවේග රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය නැතුව කළ නොහැක. ආණ්ඩුව උඩින් නාමල්ව හිරේ දැම්මේ ජනතාව චූන් කර රාජපක්ෂ පවුලට රූපවාහිනී ආරම්භයක් ලබාදී ජනතා අවධානය ඒ වෙත යොමු නොවීමට බව සාධාරණ සැකයක් ඇති වෙයි. ජනාධිපති හා ආණ්ඩුව ගහන්නේ ඩබල් ගේමක් ද යන්න හැමටම නැගෙන ප්‍රශ්නයකි.
සජිත් වැනි විපක්ෂ නායක ඉන්නා තුරු බලේ සිටීමට ආණ්ඩුව සිතා මෙවන් ඩීල් යටින් යන බව සමහරු පවසයි.ඉතින් නීතිය එකයි කියා කෑ මොර දුන්නාට ආණ්ඩුව නීතිය නමා පශ්චාත් භාගයේ ගසාගෙන සිටින බව පෙනේ. දැන් දැන් පෙනී යන්නේ උනුත් එකයි මුනුත් එකයි එහෙම කියපු උනුත් එකයි කියාමය.
2026-10-01

