ස්වර්ණ පුස්ථක සම්මානය යනු ලංකාවේ නවකතා කතෘවරුන්ව ඇගයීමට ලක්කරමින් සෑම වසරකම ලබාදෙන විශේෂ සම්මානයකි. නවකතා කතෘවරුන් විසින් වාර්ෂිකව තමන් විසින් රචනා කරනු ලබන කෘතිය 15 දෙනෙකුගෙන් සමන්විත විද්වත් මණ්ඩලය වෙත ඉදිරිපත් කරණු ලබන අතර එම විද්වත් මණ්ඩලය විසින් එම කෘති ඉතා ගැඹුරින් අද්ධ්‍යයනය කිරීමෙන් පසුව හොඳම නවකතා 5 ක් තොරාගනු ලබයි. එම නවකතා 5 අතරින් වසරේ ස්වර්ණ පුස්ථක සම්මානය හිමිවන නවකතාව නම් කර අදාල කතෘවරයාට හෝ වරියට රුපියල් ලක්ෂ 7.5 ක මුදල් ත්‍යාගයක් පිරිනමනු ලබයි. එය මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමයයි.
නමුත් මේ වසරේ එම සම්මානය හෑම සදහා පැලවත්තෙන් උපදේශකයන් ලෙසට හාල්පාරුවන් කීපදෙනෙක් නම්කර ඇත. එය සිදුකර ඇත්තේ සංස්කෘතික ඇමති හිනිදුම සුනිල් සෙනවි විසිනි. විද්වත් මන්ඩලය විසින් මෙවර
1 එරික් ඉලයප්ආරච්චි ගේ සුනඛ ආර්‍යා
2 පීබී ජයසේකර ගේ පුද්ගලිකයි රහසිගතයි
3 රන්දික කඩවතආරච්චි ගේ රිදී
4 චමිල් හර්ෂන එදිරිසිංහ ගේ ඉටි කුටිය විනිවිදිමි
5 සුරත් ද මෙල් ගේ ණයනාන්දය
යන කෘති 5 මෙවර විද්වත් මන්ඩලය මගින් තෝරාගෙන තිබුණි. එම තෝරා ගැනීමට පසුව පැලවත්තේ උපදේශකයන් විසින් විද්වත් මන්ඩලයෙන් අසා ඇත්තේ අවසන් වශයෙන් තෝරාගත් ජයග්‍රහයකයා කවුද යන්නයි. එයට පිළිතුරු දීමට තමන් බැඳී නැතැයි ඍජුවම උපදේශක මණ්ඩලයට දැනුම් දී ඇත.
විද්වත් මණ්ඩලය විසින් තෝරාගෙන ඇත්තේ සුරත් ද මෙල් ගේ ණයනානන්දය නවකතාවය. නමුත් එය ප්‍රසිද්ධ කිරීමට පෙර පැලවත්තේ උපදේශකයන් විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවන්නන් මගින් මුහුණු පොත හරහා ප්‍රචාරය කර තිබුනේ චමිල් හර්ෂණ එදිරිසිංහ ගේ ඉටි කුටිය විනිවිදිමි නව කතාවයි. එය ඉතාමත් අවර ගනයේ ක්‍රියාවකි. පැලවත්ත උපදේශ සභාව තුට්ටුවකට මායිම් නොකර විද්වත් මන්ඩලය මගින් ඔවුන් විසින් තේරූ ණයනානන්දය නව කතාව වෙත 2026 වසරේ ස්වර්ණ පුස්ථක සම්මානය පිරිනැමීය.
අවසාන වශයෙන් කිව යුත්තේ සම්මානයක් ලබාදී ඇගැයීමට ලක්කල යුත්තේ දක්ෂයන් මිස පැලවත්තෙන් ඉදිරිපත් කරන අයට නොවන බවය.

