කොබෙයිගණේ පොලිසිය නිතිය නවයි

කොබෙයිගණේ බැද්දේගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් අත්ඩංගුවට ගත් පසු මිය යාමේ සිද්ධියට සම්බන්ධයෙන් අතුඩංගුවට ගත් ගම්වැසියන් පස් දෙනාට හා කොබෙයිගනේ පොලිසියේ නිළධාරියාට එරෙහිව මිනිමැරිමේ චෝදනා ගොනු නොකිරිමට පොලිසිය හිතාමතාම කටයුතු කිරිමෙන් ඔවුන්ට ඇප හිමිව තිබෙි.

හෝමාගම පොලිසි තුළ ඊට දිනකට පෙර මියගිය සැකකරු සමිබන්ධයෙන් සිදු කරන විමර්ශනයේදී එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක වරයාට එරෙහිව මිණිමැරිමේ චෝදනා ගොනු කර ඇත.

වතුර මෝටර් දෙකක් සොරකම් කිරිම සම්බන්ධයෙන් ගම්වැසියන් විසින් සැකකාර  කාසින්  මොහොමඩ් රිහාන් නැමති අය අල්ලා  ගස්බැද කොබෙයිගනේ පොලසියට භාර දීමෙන් පසු මිය ගියේය.

මිනිමැරිමේ චෝදනාව යටතේ 296 වගන්තිය වෙනුවට පහර දිම , අයුතු සිරකර තැබිම (333) යන වගන්තිය යටතේ ලම්වැසියන් පස් දෙනාට චෝදනා  ගොනු කර ඇති අතර පොලිස් නිළධාරියාට  එරෙහිව 162 යටතේ රාජකාරිය පැහැර හැරිම හා 333 යටතේ අයුතු සිරකර තැබිම චෝදනා ගොනු කර ඇත. ඊට අමතරව 314 සිට 316 දක්වා වු චෝදනා එල්ල කර ඇති අතර ඒ පහර දිම් සදහා වන චෝදනා වෙි.මෙම තත්වය නිසා ඇප ලබා ගැනිමට හැකිවන පරිදි පොලිසිය චෝදනා ගොනු කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *