රාජ්‍ය බුද්ධි සේවයයෙන් රාජයට ලැබෙන බුද්ධි වාර්ථා නියම්ත පරිදි නොලැබෙන් බවට තොරතුරු වාර්ථාවෙි.පොලිස්පතිවරයා හෝ ජනාධිපතිවරයා යම් කිසි තොරතුරක් සම්බන්ධයෙන් විමසන විටවත් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිළධාරින් එවැනි තොරතුරක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති විම මෙම තත්වයට හේතුවී ඇත.
රාජ්‍ය බුද්ධි සේවය සදහා ඒ සම්බන්ධයෙන් පළ පුරුදු නිළදාරින් බදවා ගෙන නොමැති නිසාත් එහි සිටි දක්ෂ නිළදාරින් ඉන් ඉවත් කිරිම නිසා මෙම තත්වය උද්ගතව තිබෙි.
වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ඊට නවකයෙකු විම නිසා බලාපොරොත්තු වු තරමේ දක්ෂතාවයක් පෙන්නුම් නොකරන බව සදහන් වෙි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න පසුගියදා පවසා ඇත්තේ එම තනතුරට විශ්වාශවන්තයෙකු නොමැති නිසා වත්මන් ප්‍රධානියා ඉවත් කිරිමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි.

