මධ්‍යම පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ 60 පැනපු සාමාන්‍යාධීකාරී වරයා නිවාඩු දමා කාර්යාලයෙන් පිටව ගොස් එම කාර්යාලයේ නිල රියක් අයථා පරිහරණයට යොදාගෙන නුවර සිට කටුනායක ගුවන් තොටුපල වෙත ගිය ගමනට වැයකර ඇත්තේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ මුදල් බැවින් එම විනය විරෝධී ක්‍රියාව පිළිබඳව මධ්‍යම පලාත් සභාවේ විගණන අංශය මගින් සිදු කරන පරීක්ෂණ යට ගැසීමට බලපෑම් එල්ල වන බව එම කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි,
මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරීයේ දූෂිත සාමාන්‍යාධිකාරී වරයා පලාත් සභාවේ නිල වාහන තම පුද්ගලික ගමන්බිමන් සඳහා යොදවා ගනු ලබන්නේ ඔහුගේ රියදුරන්ටද නිවාඩූ ලබා දී පසුව ඔවුනට රුපියල් 3000 බැගින් සන්තෝෂම් මුදල්ද ලබා දීමෙන් බව විගණන පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මෙම හැට පැනපු සාමාන්‍යාධීකාරීවරයා මාළිමාවට ජන්ද කාලේ මුක්කු ගැසූ අයෙකු නිසා ,ඔහුට එරෙහිව සිදුකරන විගණන පරීක්ෂණද යට ගැසෙන බව ,ප්‍රවාහණ අධිකාරීයේ සේවකයන් පවසයි.
කලක් දඹුල්ලේ ජනක තෙන්නකෝන්ගේ වලිගයක් ලෙස සිටි හැට පැනපු සාමාන්‍යධිකාරී වරයා මැතිවරණය ලංවද්දී මාළිමාවට මුක්කු ගැසීම නිසා ඔහුට පලාත් සභාවේ ප්‍රවාහණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී පුටුව ලබාදී ඇති බව මාළිමාවේ ප්‍රබලයන් කීප දෙනෙකු පැවසූහ,
මෙම සාමාන්‍යාධිකාරී වරයා ආයතනයෙන් නිවාඩු ලබාගෙන පසුව රියදුරන්ට බලපෑම් කරමින් ,වියට්නාමයේ සිටින තම දුව බැලීමට යාම සඳහා වියට්නාමයට යාමට ගුවන්තොටුපල වෙත වාර කීපයකදී ගොස් ඇත්තේ රජයේ වාහන අවභාවිතා කිරීමෙන් බව විගණන අංශ වෙත තොරතුරු ලැබී තිබියදීත් ,විගණන අංශ නිලධාරින් මෙම දූෂිත නිලධාරියා රකින්නේ මන්දැයි පලාත් සභාවේ ප්‍රවාහණ අධිකාරියේ නිලධාරිහු ප්‍රශ්ණ කරති.මෙම දූෂිත නිලධාරියා මසකට වරක් කාර්යාලයේ උත්සව පවත්වා කේක් සහ වෙනත් රස කැවිළි සංග්‍රහ පවත්වමින් කාර්යාලයේ පිරිස් තමන්ගෙ පැත්තට හරවා ගැනීමට සූක්ෂම උපාය මාර්ග ක්‍රියාත්මක කලද ,මොහුට මෙම සාද පැවැත්වීමට මුදල් ලැබෙන්නේ කෙසේදැයි සොයා බලන ලෙස ප්‍රවාහණ අධිකාරියේ සේවකයන් ඇතුලු කාර්ය මණ්ඩලය විගණන නිලධාරින්ගෙන් විමසා සිටිති,
මෙම අධිකාරිය විසින් සිදු කරන ලද පුද්ගලික බස් රථ කොන්දොස්තර මහත්වරුන්ට කොන්දොස්තර ලයිසන් නිකුත් කිරීමේදී සිදුව ඇති රුපියල් කෝටියකට ආසන්න මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධවද පරීක්ෂණ පවත්වන ලෙස ප්‍රවාහණ අධිකාරියේ නිලධාරින් විගණන අංශ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි . ආයතන සංග්‍රහයේ නීතී උල්ලංගණය කරමින් රජයේ වාහන අයථා ලෙස තම පුද්ගලික පරිහණයට යොදා ගත් ප්‍රවාහණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී වරයා ඒ සඳහා වැයකල රජයේ මුදල් ප්‍රතිපාදන වලට (ඉන්ධන සහ රියදුරු දීමනා ඇතුලුව) වගකිව යුතු බැවින් ඔහුගෙන් එම මුදල් අයකර ගත යුතුව ඇතැයි පවසන ප්‍රවාහණ අධිකාරියේ සේවකයන් මාළිමා රජයේ සුපිළිපන්න භාවය සම්පූර්ණයෙන් මෙම දූෂිත සාමාන්‍යාධිකාරී වරයා අපවිත්‍ර කර ඇති බව සදඑන් කරයි.මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා මෙවැනි දූෂිත නිලධාරින් රකින ප්‍රතිපත්තියක සිටින්නේදැයි මාළිමාවේ ක්‍රියාකාරිහුම ප්‍රශ්ණ කරති.
2026-10-02

