නියමිත වෙලාවට බොරතෙල් නැවක් ලබාදිමට නොහැකිවු සමාගමකට ඩොලර් මිලියන පහක වන්දියක් ගෙවිමට රජයට සිදුවී ඇති බව වාර්ථාවෙි.
2016 දී ස්විස් සිංගප්පුරු නැමති සමාගමෙන් මෙට්‍රික්ටොන් අනුදහසක බොරතෙල් නැවක් ජනවාරි මාසයේ ඇනවුම් කර ඇති අතර එය නියමිත දිනට ලබා නොදී මාර්තු මාසයේදී ලබාදි තිබෙි.ඒ සමගම අදාළ ප්‍රමාදවීම සම්බන්ධයෙන් සංස්ථාව අදාළ ප්‍රමාද ගාස්තු අයකර ගෙන ඇත. කෙසේ වෙතත් ජනවාර් මාසයේදී බොරතෙල් ඇවුම භාර දෙන විට තිබු මිල ගනන් මාර්තු මාසය වන විට ඉහළ ගොස් තිබෙි. පසුව සමාගම පවසා ඇත්තේ ප්‍රමාද ගාස්තු ගෙවු නිසා මාර්තු මාසයේ මිලට ගෙවිමි කරන ලෙසයි.එම අවස්ථාවෙි අදාළ බළධාරියා ලෙස කටයුතු කළ වාණිජ කළමණාකරු සමිත ගුණවර්ධන නිසි ක්‍රියාමාර්ග නොගෙනිම නිසා එම සමාගම වාණිජ මහධිකරණයේ නඩු පවරා තිබෙි.පසුව තිරණය කර ඇත්තේ එම සමාගමට ඩොලර් මිලියන පහක ( 5 316 300.02) වන්දි මුදලක් ගෙවන ලෙසටයි.කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ නිළධාරියාට වර්ථමාන ආණ්ඩුව විසින් නියෝජ්‍ය සාමාණ්යධිකාරි අලෙවි තනතුර දක්වා උසස් කිරිමටද කටයුතු කර ඇති බව වාර්ථාවෙි.
අනුව ආදාළ වන්දි මුදල ගෙවිමට සමිබන්ධ අංක 110/2026/ ඉ එන් පත්‍රිකාව පසුගිය අගෝස්තු 13 දින විෂයභාර ඇමැති අනුර කරුනාතිලක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබෙි.

