SIU ජනක ලොක්කාට තවදුරටත් කාන්තාවන් සෙල්ලම් බඩු ලෙස පාවිච්ච කරන්න පොලිස්පති ඉඩ දෙවද

කකුලු පැටවුන්ට කෙළින් යන ලෙස උපදෙස් දිමෙන් පළක් නොවන්නේ කකුලුවා ද ඇදෙට යන නිසාවෙනි.ඒ ආකාරයට ශ්‍රිලංකා පොලිසියටද අත්ව ඇති ඉරණමද එයයි. ලොක්කා කොතෙක් උපදෙස් ලබා දුන්නද එවා පිළිනොපදින්නේ ලොක්කාද ඒ ආකරයට හැසිරෙන නිසාවෙනි.ඊට හොදම නිදර්ශනය පොලිස් විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයායි.
පොලිසියේ දුෂණ අක්‍රමිකථා සෙවිමට පිහිටුවා ඇති පොලිස් විශේෂ විමර්ශන එකකයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සමිබන්ධයෙන් අප මිට මාස කිහිපයකට පෙරද හෙළි කලේය.එහෙත් අද වන තුරු ඔහුට එරෙහිව විමර්ශණයක් කිරිමට පොලිස්පතිවරයා කටයුතු නොකළේ ඔහුද ඒ ආකාරයේ කාන්තා ලෝලියෙකු නිසාවෙන් බව එහි උසස් නිළදාරින් පවසයි.අපට ඔවුන්ගේ පුද්ගලික ජිවිත සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති අතර ගැහැණු කැමති නම් එකෙක් නොව දුස්ම් ගණනන් සමග නිදිවැදුනට කම් නැත.ගැටලුව ඇත්තේ සිය නිළබලය උපයෝගි කර ගෙන අහිංසක කාන්තාවන් රවටා මුලාවෙි දමමින් ඔවුන්ගේ ජිවිතද විනාශ කර මිලමුදල් කඩාවඩා ගැනිමයි.
කොළඹ 7 පිහිටි මෙම විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජනක කුමාර කුළරත්න මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංච් අතර මොහුද සිය නිළබලය උපයෝගි කර ගෙන කාන්තාවන්ගේ ජිවිත සමග සෙල්ලම් කරන සෙල්ලායෙකි.ඔහු ගුරුවරියක් සමග විවාහ වී සිටින අතර දරුවන් ද සිටින පියෙකි.


එසේ තිබියදී බෝදි සත්ව ගුණකරුක මහත්මයෙක් ලෙස ලෝකයා ඉදිරියේ රංගනයේ යෙදමින් කාන්තාවන් රවටා ඔවුන් අනාථ කර  ඔවුන්ගෙන් මුදල් ගරා ගන්නා ව්‍යාපාරයක් කර ගෙන යයි.
මේ වන විට එසේ ඇසුරු කර අනාත කළ කාන්තාවන් ගණන දහයකට ආසාන්න වන අතර ඒ කිසිවෙකුටවත් මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිළි කිරිමට ඉඩ ලබා නොදෙන්නේ සිය නිළ බලය උපයෝගි කරගෙනය. ඉන් වැඩි පිරිසක් කාන්තා පොලිස් නිළධාරිනියන් වන අතර තවත් වෙනත් රැකියා කරන කාන්තාවන් සමගද මේ ආකාරයේ බොරු පොරොන්දු දී ඔවුන් රවටා මුදල් ලබා ගෙන ඇත.
එසේ මාතලේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාධිපති ලෙස සේවය කරන අවදියේ ඔහු එම එකකයේ සේවය කළ උප පොලිස් පරික්ෂක පී .රේණුකා නැමති නිළධාරිණියක් සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය නිසා ඇයට එම ස්ථනයෙන් ස්ථාන මාර්වකටද ලක් විමට සිදුවුවා. එම සම්බන්ධය සිය බිරිය වන ගුරුවරියටද හසුව ඇති අතර ඇයගෙන් ලබා ගත් මුදල් ද මේවනතේක් ආපසු ලබා දි නොමැති බවට තොරතුරු වාර්ථාවෙි.
මිට අමතරව කොළඹ නාරාහේන්පිට පොලිස් රෝහලේ හෙදියක් සමග පැවැත්වු සම්බන්ධතාවයේ ඡායාරූපද අප වෙත ලැබි තිබෙි.කොළඹ යන සෑම අවස්ථාවකම ඇය සමග ගත කිරිමට මෙම ජනක අමතක නොකරයි.ඔහු සිය දුරකථනයේ ඇයගේ නම සේව් කර ඇත්තේ ආරි ලෙසනි.
ඊට අමතරව මාතලේ සුපිරි වෙළදසැලක සේවය කරන එස් කුමාරි නැමති කාන්තාවක් රවටා ලක්ෂ පහක් පමණ මුදලක් ලබා ගෙන ඇති අතර ඇයව සිය නිළ නිවසට අවස්ථා ගණණාවකදී  ගෙන්වා ගෙන තිබෙි .එහි දී ඔහු පවසා ඇත්තේ සිය බිරිද දික්කාසාද කර ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු දී ඇත්තේ කොරෝණා සමයේ සිටය.ඇය සමග ගතකරන ජායාරූප හා පොලිස් නිළ නිවාසයට යන ජයා රූප ද අප වෙත ලැබි ඇත.මේ අතර ඔහු ඇය සමග පෙමෙින් වෙළි සිටි දුරකථන සංවාද ද අප වෙත ලැබි තිබෙි.
මේ අතර ඔහු මාතලේ රෝහලේ සුලු සේවිකාවක් සමග ද මෙම සම්බන්ධකම් තිබියදීද පෙමින් වෙළි සිට ඇත.සොයිසා නැමති එම සුලු සේවිකාවට වෙනත් ස්ථානයකට හමුවිමට පැමිණෙන ලෙසට කරන දුරකථන සංවාදයක් ද අප වෙත ලැබි තිබෙි.
ඊට අමතරව කොළඹ මැලේ කාන්තාවක් සමගද සම්බන්ධතා පවත්වා ඇයගෙන් ලක්ෂ 50 ලබා ගෙන ඇති අතර ඇයට අයිති ජිප් රථයද වංචනික ලෙස ලබා ගෙන ඇති බව වාර්ථාවෙි.මේ වන විට එම කාන්තාව මිය ගොස් ඇති නිසා ජිප් රථය සගවා ඇති බව සදහන්වේ.
ඊට අමතරව හැදුණුම්පත් කාර්යාලයේ සේවය කල සුණිතා කලුබෝවිල නැමති කාන්තාවක් සමග දීර්ඝ කාලයක සිට පෙමින් වෙලි සිට ඇත.ඇයගේ හොර ජාවාරම් යටපත් කිරිම සදහා මොහු විශාල සහයක් ලබා දී ඇති බව සදහන්වේ.
කොළඹ ප්‍රදේශයේ සෑන්ඩ්‍රා නැමති කාන්තාවක් සමගත් දිගු කළක සිට අනියම් සම්බන්ධතාවයන් පවත්වමින් ඇයගෙන් ද මුදල් ලබා ගෙන මගහැර ඇති බව සදන්වේ.මේ අතර එම කාන්තාවට මොහුගෙන් දරුවෙකු ලැබිමට සිට ඇති අතර එය සිය නීත්‍යාණුකූළ බිරිදට හසුවී තිබෙි. පසුව ඖෂධ ලබා දී එම දරුවා ගබිෂා කර ඇති බව බිරිද සිය හිතවතුන්ට යැවු කෙටි පණිවිඩවලින් හෙළිවී ඇත.
මේවන විට සේවය කරන විශේෂ විමර්ශන අංශයේ සිටින සමන්මලී, උදේණි හා කමණි යන නිලධාරින් සමගද මාරුවෙන් මාරුවට අගන රැගුම් රමනය කරන බව එහි නිළදාරින් පවසයි.
ඔහු පවසන්නේ “පොලිසියේ නිලදාරින්ට ඕණෑම ගෑහැණියෙක් ආශ්‍රය කරන්නත් එයාලා පාවිච්චි කිරිමටත් අයිතියක් තිබෙන බවයි”.ඊට අමතරව පොලිසියේ අයට ගැහැණු සාමාන්‍ය දෙයක් , අවශ්‍යතාව ඉෂ්ඨ කර ගන්න පුලුවන් බව ඔහු එම කාන්තාවයන්ට පවසමින් තර්ජනය කරමින් සිටියි.
මොහු සිදු කළ තවත් විෂමාචාර ක්‍රියා රැසක් සහ හඩපට රැසක් අප වෙත ලැබි ඇති අතර ඔහු සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිළධාරින් මුනිවත රකිම්න් ඔහුව ආරක්ෂා කරන්නේ නම් එම සිද්ධිද සාක්ෂි සහිතව හෙළි කිරිමට සිදුවේ.
තවත් කාකි ඇදුමට මුවාවී කාන්තාවන්ට මෙවන් අපරාධ සිදු කිරිමට පොලිස්පතිවරයා මෙිවැනි වනචර නිළධාරින්ට ඉඩ ලබා දෙන්නේද අයන්න අප විමසිල්ලෙන් බලා සිටින බව අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *