සුමල් රටින් පනියි; තියෝ බේරන්න පාස්ටර් ජෙරම් බහියි

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් ආනයනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියක සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින Access Group හි සභාපති සුමල් පෙරේරා මේවන විට රටහැර ගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු මේවන විට ඔස්ට්‍රේලියාවේ සිටින බවත්, මේ වන්‍යාපෘතියේ මුදල් තැන්පත් කර ඇත්තේද ඔස්ට්‍රේලියාවේ බවට මෙහි පරීක්ෂන නිලධාරීහු සැක කරති.
එම ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා බව කියන Foresight Engineering සමාගමේ අධ්‍යක්ෂවරයකු වන තියෝ ප්‍රනාන්දු ද මේවන විට රට හැරයාමට සූදානමින් සිටින බවද සැලවේ.
සුමල් රටින් පිටව ගොස් ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිරි ගොවීන් පිරිසක් විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර පොලිස්පතිවරයා විසින් අදාළ පැමිණිලි විභාගය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැවරීමත් සමඟය.
ඕස්ට්‍රේලියාවේ Wellard Rural Exports නැමැති සමාගමකින් මේ හරක් ගෙනැවිත් තිබේ.
අදාළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි 2008 වසරේදීය.
වසර 2008 සිට 2018 දක්වා Foresight Engineering හි Access Group එක්ව Wellard Rural Exports නැමැති සමාගමින් කිරි ගවයන් 5000 ක් පමණ ගෙනැවිත් ඇති අතර එසේ ගෙනා සියලුම ගවයන් මේවන විට මියගොස් සිටීම ද විශේෂිතය.
එම ගවයන් ගෙන්වීමට නෙදර්ලන්තයේ Rabobank නැමැති බැංකුවෙන් 6%ක පොලියට ණයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ කාලයේදී පරීක්ෂණ පවත්වා ඇතත් ඒවායින් ප්‍රතිඵල අත්ව නොමැති බව වාර්තා වේ.
මේවන විට මේ පරීක්ෂණ සඳහා පාස්ටර් ජෙරම් ප්‍රනාන්දුගෙන් බලපෑම් එල්ලවෙමින් ඇති බව කිරිගොවියෝ කියති.
සුමල් බේරාගැනීමේ මෙහෙයුමට පාස්ටර් ජෙරම් සම්බන්ධ වී ඇත්තේ ඔහුගේ පල්ලිය වන Miracle Dome ඉදිකිරීමට ලැබුණු ඔස්ට්‍රේලියානු ප්‍රතිපාදන සම්බන්ධීකරණ කටයුතු වල සුමල්ගේ පුතු ශාමේල් කටයුතු කර ඇති බැවිනි.
(මේ සම්බන්ධ වැඩිදුර ලිපියක් ඉදිරියේ බලා පොරොත්තු වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *