කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී බලගොල්ලේ ආදාහනාගාරය අවන්හලක් කරගෙන

කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ මත්පැන් පවත්වන සාද මධ්‍යස්ථානය ලෙස තෝරාගෙන ඇත්තේ ,පල්ලේකැලේ ආයෝජන කලාපය අසළ පිහිටි,කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරන පොදු ආදාහනගාර ගොඩනැගිල්ල බව ඉතා විශ්වාෂ කටයුතු ආරංචි මාර්ග වලින් වාර්ථාවෙි.
මෙම ප්‍රාදේශීය සභාව පාලනය සතුව ඇතතේ ජාතික ජනබල වේගය පක්ෂයටය.
මාළිමා පක්ෂය නියෝජනය කරන එක්තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බලගොල්ල පොදු සුසාන භූමිය ආසන්නයේ පිහිටි තැබෑරුමෙන් මත් පැන් බෝතලය මිළදී ගෙන එය පානය කිරීම සඳහා ආදාහනාගාර ගොඩනැගිල්ල තුලට පැමිණෙන බව සදහන් වෙි.එහෙත් ඔවුන්ගේ පැමිණිම තහනම් කිරීමට එහි සේවකයන්ද බියවී සිටිති.මෙම අශීලාචාර පහත් ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ වැසියෙක් ආදාහනාගර පරිශ්‍රයේ මත් පැන් පානයකල මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාට තරයේ අවවාද කර තිබේ,
කෙසේ වෙතත් රාජකාරී කටයුතු වල නිරතව සිටින ආදාහනාගාරයේ සේවකයන්ටද මෙම බේබදු මාළිමා මන්ත්‍රී නුරුස්නා බව අප වෙත තොරතුරු හෙළිකල ප්‍රදේශවාසීයා පැවසීය.පල්ලේකැලේ පොලීසියේ නිලධාරින් නිදිකිරා වැටෙන නිසා ,බලගොල්ල ආදාහනාගාර ගොඩනැගිල්ල මත්පැන් බොන ප්‍රාදේශීය සභා මන්තිරිවරයාට හොඳ අවන්හලක් බවට පත්ව ඇති බව,ප්‍රාදේශීය සභාවේ සේවකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *