එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පැවැත් වෙන්නේ වසරකට එක් වතාවක් පමණි. එය සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වීම සිරිතක් වන අතර එයට සහභාගී වීම සදහා ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට තහංචි දැමීමට ඇමරිකාවට බැරිය. රටේ නායකයාට සහ විදෙස් ඇමතිවරයාට කිසිම බාධාවකින් තොරව එයට සහභාගී විය හැකි අතර තමන්ට ලැබෙන කාළය කළමනාකරණය කරගෙන තමන් ගේ මව් භාෂාවෙන් හෝ තමන් කැමති භාෂාවකින් සමුළුව ඇමතිය හැක. මෙම අවස්ථාව මගින් රාජ්‍ය නායකයන් ලෝකය වෙත තමන්ට දිය හැකි පණිඩිඩය ලබාදීමට උත්සුක වන්නේය.
වරක් එයට සහභාගී වූ චේ ගුවේරා විසින් ඇමරිකා කියුබාව වෙත කරණු ලබන තර්ජන වලට උත්තරය ලෙසට ” මව්බිම නැත්නම් මරණය ” යන වචන ත්‍රිත්වය පමණක් කියමින් තම කතාව නිම කලාය. තම රටට එරෙහිව ඇමරිකාව සිදුකරන කෙනහිලිකම් වලට කියුබාවේ ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ 1960 සැප්තැම්බර් පැවති එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීම පැය 4 යි මිනිත්තු 48 ක කාළයක් ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාවෙන් ඇමතීය.
මෙවර මහාමණ්ඩල රැස්වීමට සහභාගී වූ ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති වරයා ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ මිලේච්ඡත්වය කිසිම බියක් සැකක් නොමැතිව ලෝකයට හෙළි කළේ. ඊශ්‍රායලය අගමැති නෙතන්න්‍යාහු මහා මණ්ඩලයට ඇමතීමට සූදානම් වනවිට සෙසු රාජ්‍ය නායකයන් සභාවෙන් පිටවිය. එමගින් ඊශ්‍රායලය වෙත ලොව ඇති පිළිගැනීම පැහැදිලි විය.
පසුගිය වසරේ ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය ඇමතීමට ගිය අතර එහිදී ඔහු සභාව ඇමතීම පිළිබදව රටේ මහත් ප්‍රසිද්ධියක් ලබාදුනි. එම කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට වසර 5 කට පෙර රුවන්ඩාවේ ජනාධිපති වරයා විසින් කල කතාවක් කොපිකර තිබූ බවට යම් යම් පාර්ශ්වයන් දොස් නගා තිබුණි.
ඒත් ප්‍රශ්නය මෙවර ඔහු එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීම මඟ හැරීමයි. මෙවර මහා මණ්ඩලය ඇමතීමට ගොස් ඉංදියාව රාජ්‍යතාන්ත්‍රිකව ලංකාවට කරණු ලබන බලපෑම් සහ තර්ජන ගැනත් පකිස්තානය ඉරානය තායිලන්තය සහ බුරුමය කේන්ද්‍ර කර ගනිමින් ලංකාව හරහා යුරෝපය ඇතුළු රටවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීම නවතා ලීමට ජාත්‍යන්තර වශයෙන් ආධාර ඉල්ලා සිටීමට හොඳ අවස්ථාව තිබුණි.
මේ වන විට ඉංදියාව කොතරම් තර්ජනයක් ලංකාවට සිදුකර ඇතිද යන්න වත්මන් ආණ්ඩුව ඉංදියාව සමග අත්සන් කරන ලද ගිවිසුම් 9 ජනගත වූ දිනක ඔබටම තීරණය කල හැක. නමුත් එය එසේ තිබියදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර මහා මණ්ඩලය වෙත නොගියේ ආණ්ඩුව බිඳවැටේවි කියා ඔහුට ඇතිවූ අසීමිත බිය නිසාය. 22 සංශෝධනය සම්මත කර ගැනීම සදහා කතානායක විසින් රහස් ජන්දයක් කැදවාවි කියන බය ඔහුට උපරිමයෙන් දැනී තිබුණි. එයට ආසන්න තම හේතුව වූයේ අගමැතිනිය වන හරිණී අමරසූරිය ඇතුළු 15 දෙනෙකු ඉතාමත් රහසින් රනිල් වික්‍රමසිංහ හමුවී තිබීමයි . වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු හරිණී අමරසූරිය හැර මාලිමාව නියෝජනය කරන අයට තනතුරු ලැබුනේ නැත. බෙදී ගිය තනතුරු සදහා පත්කරේ ඍජුවම ජවිපෙ අය පමණි. හරණී අමරසූරියට ඉලක්ක කොට පැලවත්ත මඩ බලකාය විසින් මඩ වරුසාවක් දියත් කරේද අනුර කුමාර දිසානායක ගේ නියෝගය මතය.
අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා දෙපල හරිණී වෙත තර්ජනය කිරීම නිසා තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට 22 සංශෝධනය වෙනුවෙන් පැවති විවාදයේදී කතාකිරීමට සිදුවිය. අනුර සහ ටිල්වින් දෙදෙනා තම අතිශය පුද්ගලික මිතුරන් සමග කියා ඇත්තේ නිශ්චිත මොහොතක හරිණී මාලිමාව හැරගොස් ඊලග ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂිකාව වනු ඇති බවයි. මෙවැනි ප්‍රශ්න මද්ධ්‍යයේ ජනාධිපති අනුර කුමාර දිසානායක රටිං බැහැරව සිටීම මාළිමා ආණ්ඩුවේ අවසානය ඉක්මන් වීමක් නිසා මොන ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුනත් දිනාගත් පුටුව ආරක්ෂා කර ගැනීමට මුල් තැන දෙමින් ලංකාවේ ම රැදීමට තීරණය කරමින් නාමිකව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට විදෙස් ඇමති විජිත හේරත් ව අවසන් මොහොතේ පිටත්කරේ ලෝක අපවාදයෙන් බේරීමටය.
2026-09-29

