පොලොන්නරුව දුම්රිය පොල නවීකරණය සිදු කලේ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනය.වැයකල මුදල කෝටි තුනහමාරක් බව කියවේ.නවීකරණය කල දුම්රිය පොල විවෘත කලේ ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙනි .මෙම අවස්ථාව සඳහා ටී.බී.සරත් ,පද්මසිරි බන්ඩාර ,සුනිල් රත්නසිරි යන මැති,ඇමතිවරුද ,සහල් ව්‍යාරිකයන් වූ හිටපු පොහොට්ටු ඇමති සිරිපාල ගම්ලත් ,සජබ අපේක්ෂක මිත්‍රපාල ලංකේශ්වර ආදීහුද එක්ව සිටියහ .
ආණ්ඩුව පුද්ගලික අංශයේ දායකත්වය මෙවැනි ක්‍රියා වලට දායක කර ගැනීමේ වරදක් නැත.නමුත් මාලිමා ආණ්ඩුවට එය සදාචාරාත්මකදැයි ප්‍රශ්න කල යුත්තේ ලංකාවෙ සහල් මාෆියාවේ රජවරු තුන්දෙනා සමඟ එකට කිරිබත් කෑමට බිමල් රත්නායක,ටී.බී සරත් ඇතුලු මැති ඇමතිවරු එක්ව සිටීමය .
මේ දිනවල වී වෙළෙඳ පලේ මේ රජ තුන්කට්ටුව රිසි සේ ගොවීන්ගේ වී ටික තුට්ටු දෙකට කොල්ලකමින් සිටිති .නාඩු වී මිටිය (අමු) රුපියල් 5800.00.කි.ගිය කන්නයේ රුපියල් 12000.00ට ගිය කීරි සම්බා මිටිය දැන් 6800.00කි..එහෙත් සහල් වලට අදාල ඩඩ්ලි,නිපුන ,මිත්‍රපාල තුන් කට්ටුවේ අපූරු ආර්ථික විද්‍යා න්‍යායට අනුව නාඩු සහල් කිලෝව 220.00 න් එහාය.කීරි සම්බා කිලෝව 360.00 ත් 400.00 ත් අතරය .වී අඩු වුවද සහල් මිල නෝ හෙල්ලුම් ය.
ටී.බී සරත් ,නාමල් කරුණාරත්න ලා එදා සිට අරගල කලේ මේ සූරාගෙන කෑමට එරෙහිවය.එහෙත් දැන් ඔවුන් ඩඩ්ලිලා ඉදිරියෙදී හීන් කෙඳිරියක් හෝ නැගීම කෙසේ වෙතත් කරට අත දමාගෙන කිරිබත් කෑම කොපමණ සදාචාරාත්මකදැයි ඔවුන් රටට කිව යුතුය .
ආණ්ඩුව ආ විගස ජනාධිපතිවරයා සහල් ව්‍යාපාරිකයන් ගෙන්වා ලොකු තර්ජනාංගුලියක් ඔසවා කීවේ මෙම සහල් වෙළඳාම සාධරණ ලෙස නොකරන්නේ නම් හමුදාව යොදවා එය පාලනය කරන බවය .එහෙත් දැන් හමුදාව තබා පාරිභෝගික අධිකාරියේ කම්කරුවෙකුවත් අර මෝල් රාජ්‍යයන් සඳහා පය නොතබති.ඩඩ්ලි සිරිසේනට වුවමනා තමන්ගේ ව්‍යාපාර නිරවුල්ව කරගෙන යාමට හා තම ලොකු අයියා වු හිටපු ජනාධිපති සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයෙන් වරදකරුවකු වීම වලකා ගැනීමටය.නිපුනට හා මිත්‍රපාලට අවශ්‍ය වන්නේ තමන්ගෙ දේශපාලන බල කඳවුරු ශක්තිමත් වන තෙක් ආණ්ඩුව ෂේප් කරගෙන හිඳීමය.ආණ්ඩුවේ උන්දැලා මේ උගුලට හසුවී වී හා සහල් වෙළෙඳාමේදී තොත්ත බබලා සේ හැසිරෙති .
මේ අතරේ ජනාධිපතිවරයා ගොවි හමුවක් සඳහා මේ 12 දා පොලොන්නරුවට පැමිණිමට නියමිතය ..ඔහු ගොවීන් අමතා කියන්නේ කුමක්දැයි අපටනම් නොවැටහේ .සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හිටපු සභාපති වු අනුර දිසානායක මහතා ..ජනාධිපති අනුර දිසානායක ලෙස මෙම රැළියේදි තව දුරටත් ගොවීන්ට බයිලා නොකියනු ඇතැයි අප විශ්වාස කරමු.
2026-09-11

