උතුර හා නැගෙනහිර ප්රදේශයේ පැවැති යුධ සමයේ දී චිනයෙන් ලබා දුන් උණ්ඩ තොගයක් පසුගිය පොදුජන පෙරමුණ ආණ්ඩු සමයේ දී නෙත් පාර්ශවයකට අලෙවි කිරිමේ සැලසුම් යළිත් නව ආණ්ඩුව යටතේ ද ක්රියාත්මක කිරිමට නිළධාරින් ගෙන ඇති ක්රියා මාර්ගයන්ට රුසියානු තානාපති කාර්යාලයේ දැඩි විරෝධය එල්ලවී ඇති බව වාර්ථාවෙි.
මේසේ එම උණ්ඩ තොගය අලෙවි කිරිමේ කටයුත්තය දැඩිව මැදිහත්ව ඇත්තේ ආරක්ෂක අමාත්යංශයේ මිලදී ගැණුම් අංශයේ සේවය කරන නාවික හමුදාවෙි කපිතාන් සාලිය කොළොන්නගේ බවට තොරතුරු වාර්ථාවෙි.ඔහු ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ දී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ සමිපතයෙකු ලෙස ආරක්ෂක අමාත්යංශයට අනුයුක්තවී ඇත.එම කාලයේ සිට මෙම උණ්ඩ තොගය තුන්වන පාර්ශවයක් හරහා අලෙවි කිරිමේ ව්යපෘතියේ සිට තිබෙි. එම උණ්ඩ යුක්ක්රෙණයට අලෙවි කිරිමට ඉඩ ඇති නිසා රුසියාව දිගින් දිගටම විරෝධය පළ කළත් ව්යපෘතිය අසාර්ථක විය.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපති අනුර දිසානයක තමාගේ දකුණු අත බව පවසමින් යළිත් එම උණ්ඩ තොගය විකිනිමේ සැලසුම ක්රියාත්මක කරමින් සිටින බවට වාර්ථාවෙි.ඊට අමතරව වත්මන් යුධ හමුදාපති නිලන්ත ප්රේමරත්න මහතා තමාගේ මස්සිනා ( බිරිදගේ සහෝදරයා) බව පවසමින් ආදාළ ව්යපෘතිය ක්රියාත්මක කරමින් සිටින බව සදහන්වේ.
මෙම අදාළ නිළධාරියා වසර ගණනක් එම අංශයේ රැදි සිටිම නිසා භාණ්ඩ මිලදී ගැනිම් වලදී නොයෙකුත් අතයට ගණුදෙණු සිදුවන බවටත් අදාළ නිළධාරියා දුෂිත ගණු දෙණු රැසකට සම්බන්ධ බවට ද වාර්ථාවෙි.සාමාන්යයෙන් වසර තුනකට පමණක් අමාත්යංශයට අනුයුක්ත කරන මෙම නිළධාරියා පමණක් වසර හතකට වැඩි කාලයක් එහා රැදි සිටින්නේ කාගේ ආශිර්වාදයෙන්ද යන්න එහි නිළධාරින්ටද ගැටඵවකි.
කෙසේ වෙතත් ඩොලර් කුට්ටියකට කළෙ හළන නිළදාරින් කිහිප දෙනෙකු එකතුවී සිදු කරන මෙම කටයුතු නිසා දැනට වැඩියෙන්ම මෙරට තේ අපනයනය කරන රුසියාව ඒවා මිලදි ගැනිම ප්රතික්ෂේපමත් මෙරටට සංචාරකයින් ලෙස රුසියානුවන් පැමිණිම නතර කරන තත්වයට මං පැදිමටද ඉඩ ඇත.
චිනයේ පොලිටෙක් හා නොරිස්කෙවි ආයතන මගින් මුදල් ගෙවිමේ පදනම මත ලබා දී ඇති මෙම විවිධ වර්ගයේ උණ්ඩ සදහා මුදල් කොටසක් එම සදමාගම්වලට ගෙවා තිබෙි.
පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැදිහත්ව පෝලන්තයට විකිනිමට සිකුරාටෙක් (SECURATEC) නැමති සමාගම හරහා සුදානම් කළද ඊට රුසියාවෙි විරෝධය මැද නතර විය.
එහෙත් ආරක්ෂක අමාත්යංශයේ සිටින පැරණි නිලදාරින් වර්ථමාන ආණ්ඩුව පත් කළ නිළධාරින් ද අල්ලා ගෙන ගානාවේ (GHANA) සමාගමක් හරහා ඩොලර් මිලියන අසුවකට අලෙවි කිරිමට සැලසුම් කර තිබු අතර එය අප හෙළි කිරිමත් සමග එය ඇනහිටිණි.
එහෙත් මෙම උණ්ඩ තොගය වටිනාකම ලෙස ගණණය කර ඇත්තේ ඩොලර් මිලියන පනහකටය.ගණුදෙනුවට සමිබන්ධ පාර්ෂව අතර ඉතිරි ඩොලර් තිහ බෙදියාමට නියමිත නිසා මෙම ගණුදෙනුව ඉක්මනින් කිරිමට නිළධාරින්ට අවශ්යය වී තිබිණි.එසේ ගනාව හරහා ලබා ගණ්නා උණ්ඩ යුක්ක්රෙණ්යට අලෙවි කිරිමට එම සමාගම සුදානම් විම නිසා රුසියාව දැඩ් කනස්සල්ලට පත්ව සිටි බව සදහන්නේවේ.
මෙවර එම උණ්ඩ තොගය අසර්බයිජාන් හරහා යුක්ක්රේණයට අලෙවි කිරිමට සැලසුම් කර ඇති බව වාර්ථවෙි.

