ඕස්ට්‍රේලියාවට කලාකරුවන් කියා බොරුකාරයෝ පන්නන ජාවාරමක්

ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගොස් සිටින සංවිධානාත්මක කල්ලියක් විසින් සිදු කරනු ලබන මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබේ.
එම පිරිස ඕස්ට්‍රේලියානු රජය මගින් කලාකරුවන් සඳහා නිකුත් කරන Subclass 408 (Entertainment Visa) වීසා අවභාවිත කරමින් සූක්ෂමව මෙය සිදුකරනු ලබන බවද වාර්තා වේ.
ඒ අනුව අනන්තයා එන්ටර්ටේන්මන්ට් (Anathaya Entertainment) ආයතනයේ ශිවංක පීරිස්, ඒ නයින් එන්ටර්ටේන්මන්ට්ස් (A9 Events) ආයතනයේ චම්පික චතුරංග, සිනන්ත ජයතිලක (Sinantha Jayatilaka) හා ධනුෂ්ක ප්‍රනාන්දු (Dhanushka Fernando) නැමැති පුද්ගයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අවදානය යොමුව තිබේ.
මෙහි ප්‍රධාන චෝදනා එල්ලව සිටින අනන්තයා එන්ටර්ටේන්මන්ට් (Anathaya Entertainment) ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක් සඳහා ශිල්පීන් ගෙන්වීමේ මුවාවෙන් නීති විරෝධී ලෙස පුද්ගලයින් පිරිසක් ඕස්ට්‍රේලියාවට ඇතුළු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.


එසේ ප්‍රසංගයට පැමිණි ප්‍රධාන ගායකයකු ද එය දැන සිට ඇතැයි ද වාර්තා වේ. මීළඟට චෝදනා එලල්ව ඇත්තේ ඒ නයින් එන්ටර්ටේන්මන්ට්ස් (A9 Events) වෙතය.
ඔවුන් ද සංගීත ප්‍රසංග පැවැත්වීමේ මුවාවෙන් සංගීත කණ්ඩායම් හෝ තාක්ෂණික ශිල්පීන් ලෙස පුද්ගලයින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.
එලෙස ගෙන්වන ලද ඇතැම් පුද්ගලයින් පසුව ඔහුට අයත් ආපනශාලා (Restaurants) වල සේවයේ යොදවා ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
ඊට අමතරව, සිනන්ත ජයතිලක නමැති අය විසින් ද සංගීත ප්‍රසංග සහ කලා කටයුතු සඳහා පුද්ගලයින් ගෙන්වන මුවාවෙන් ඕස්ට්‍රේලියාවට පිරිස් ගෙන්වා ඇති බවට චෝදනා එල්ලවී ඇත.
එලෙස ගෙන්වන ලද පිරිස් පසුව ඔහුට අයත් ආපනශාලාවක සේවයට යොදවා ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.
ධනුෂ්ක ප්‍රනාන්දු නැමැත්තා විසින් ද නර්තන ප්‍රසංග සංවිධානය කිරීමේ මුවාවෙන් ලංකාවෙන් ශිල්පීන් සහ නර්තන කණ්ඩායම් ගෙන්වා ඇති අතර, එලෙස ගෙන්වන ලද පිරිසෙන් කොටසක් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බවට චෝදනා එල්ල වේ.
මෑතකදී ද ඔහු විසින් තවත් නර්තන ප්‍රසංගයක් සඳහා පිරිසක් ගෙන්වා ඇති අතර, එහිදී ද නීති විරෝධී ලෙස පුද්ගලයින් ඇතුළු කර ඇති බවට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රියාවලිය පිළිබඳව අදාළ නර්තන වින්‍යාසකරුවා (Choreographer) දැනුවත්ව සිට ඇති අතර ඔහු ද මෙයට සම්බන්ධ බවද පැවසේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ පුරාවෘත්තයක් වන මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිතය ඇසුරින් නිර්මාණය වූ “එදා රෑ” චිත්‍රපටය ඔස්ට්‍රේලියාව තුළ ප්‍රදර්ශනය කිරීම අනන්තයා එන්ටර්ටේන්මන්ට් (Anathaya Entertainment) ආයතනයේ ශිවංක පීරිස් ඇතුලු කණ්ඩායමක් විසින් සිදු කර ඇති අතර ඒ සඳහා ද මේවන විට දැඩි විවේචන එල්ලවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *