අවුරුදු 160 ක තරම් දීර්ඝ ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට පොලිස්පති ධූරය හොබවන ප්රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ 37 වන පොලිස්පති වරයාය.
ඔහු වැඩබලන පොලිස්පති වූ ආසන්නයේදී කොටහේන ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමක සැකකරුවන් දෙදෙනෙකු මෝදර කාකදූපත ප්රදේශයට ආයුධ පෙන්වීමට කියා ගෙන ගොස් වෙඩිතබා ඝාතනය කළේය. එය පැහැදිලි ලෙසම ශ්රේෂ්ඨාධිකරණයට කරන ලද අපහාසයකි. එයට හේතුව වූයේ පෙර පොලිස්පතිවරයකු වූ චන්දන වික්රමරත්න විසින් ශ්රේෂ්ඨාධිකරණය වෙත ලිඛිතව පොරොන්දු වී තිබුණේ යම් සැකකරුවකු ආයුධ පෙන්වීම සදහා රැගෙන යන අවස්ථාවලදී රූපවාහිණී කැමරා කණ්ඩායමක් ඒ සමග රැගෙන ගොස් එම අවස්ථාවේදී සිදුවන සියළුම දේ සජීවී පටිගත කිරීමක් කරන බවය. නමුත් ඉහත සැකකරුවන් දෙදෙනා ආයුධ පෙන්වීමට රැගෙන ගොස් ඝාතනය කිරීමේදී එසේ කර තිබුනේ නැත. එයට හේතුව වී තිබුනේ මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් රවී සෙනවිරත්න විසින් එම අමාත්යාංශයේ උපදේශක රණවීරගේ උපදෙස් මත පොලිස්පති වරයාට එසේ සැකකරුවන් ඝාතනය කරන ලෙසට ඍජු උපදෙස් ලබා දීම නිසාය.
මෙවර කතාව ඊට වෙනස් ය. වත්මන් පොලිස්පති වරයා ද ගමන් කරන්නේ සේවයෙන් පහකල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගමන් ගත් මාර්ගයේය. වෙනස කට ඇත්තේ නම් දෙකේ වෙනස පමණි. දේශබන්දු තෙන්නකෝන් “යුක්තිය” කියා කරගෙන ගිය ඉලක්කම් වලින් රටක් රැවටීමේ ක්රියාන්විතයන්ය “රටම එකට” යන නමින් කරගෙන යාමය. එහිදී සිදුවන්නේ එකම ක්රියාවලිය කි. අත්ඩංගුවට ගත් මත්ද්රව්ය ප්රමාණය වැඩිකිරීමට නිකරුණේ අත්ඩංගුවට ගන්නා පුද්ගලයන්ට මත්ද්රව්ය හදුන්වා දීමය.
එම ක්රියාන්විතයේදී ගම්පහ ප්රදේශයේ පුද්ගලයෙකුට එසේ නිකරුණේ මත්ද්රව්ය හදුන්වාදී නඩුවක් පවරා තිබූ අතර එම නඩුව විභාග කල ගම්පහ මහේස්ත්රාත් බන්දුල ගුණරත්න මහතා විසින් නිදොස් පුද්ගලයකුට මත්ද්රව්ය හදුන්වා දුන් පොලිස් නිළධාරින් තිදෙනාත් පොලීස් දෙපාර්තමේන්තුවත් එක්ව රුපියල් ලක්ෂ දෙකක ( 200000/=) වන්දි මුදලක් ලබා දෙන ලෙසටත් ” නිදොස් පුරවැසියන්ට එරෙහිව පදනම් විරහිත නඩු පැවරීමෙන් වලකින ලෙසට පොලිස් දෙපාර්තමේන්තුවේ සියළුම පොලිස් නිළධාරින්ට දැන ගැනීම සදහා චක්රලේඛයක් නිකුත් කරන ලෙසට වත්මන් පොලිස්පති ප්රියන්ත වීරසූරියට නියෝගයක් නිකුත් කර තිබුණි.
නමුත් ඔක්තෝබර් 21 දින එම නියගයේ ප්රගතිය විමසීමට පෙර නඩුව කැදවූ අවස්ථාවේ දී බස්නාහිර පලාත් උතුර දිශාව බාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් ඔක්තෝබර් 19 වෙනි දින පොලිස් කොට්ඨාස තුනකට පමනක් සීමා වූ මාර්ග උපදේශ මාලාවක් මහේස්ත්රාත් වරයා වෙත ඉදිරිපත් කරන ලදි. මහේස්ත්රාත් වරයා විවෘත අධිකරණයේ දී එම ලේඛනය ප්රතික්ෂේප කරමින් කියා සිටියේ ” මේක මාව අන්ඳන්න කරපු දෙයක් මගේ මුල් නියෝගය වූයේ පොලිවරයාට දිවයින පුරා සිටින සියළුම පොලිස් නිළධාරින් වෙත නිදොස් පුරවැසියන්ට එරෙහිව පදනම් විරහිතව නඩු පැවරීමෙන් වලකින ලෙසට චක්රලේඛයක් නිකුත් කරන ලෙසට මිසක් පොලිස් කොට්ඨාස තුනක් සදහා මාර්ගෝපදේශ නිකුත් කරන්න නෙවෙයි. මේ කාර්ය කරන්න මාස 5 කට වැඩි කාළයක් දීලා තිබ්බා. දවස් දෙකකට කලිං ලියුමක් ගහනවා මාව රවට්ටන්න” යනුවෙන් ප්රකාශ කරමින් පොලීසිය වෙත දෝශා රෝපණය කළේය.
ඉන් පසුව මහේස්ත්රාත් බන්දුල ගුණරත්න මහතා රෙජිස්ට්රාර් වරයාට නියෝග කර සිටියේ පොලිස්පති වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු කටයුතු ආරම්භ කිරීම සදහා අභියාචනාධිකරණයේ සභාපති තුමා වෙත නඩු ගොනුව නොපමාව යවන ලෙසයි.
අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥාණසාර හිමියන්ට වසර 6 කින් ගෙවී යන්නට වසර 19 යක සිරදඩුවමක් ලබැදී ඇති අභියාචනාධිකරණය පොලිස්පති වරයාට ලබාදෙන දඩුවම කුමක්ද? යන්න පිළිබදව පුරවැසියන් බලා සිටීයි.

