කන්කසන්තුරේ ඒඑස්පී ජයසිංහගේ නිවසේ තිබී හමුවූ ⁣බෝම්බ සිද්ධිය යට ගැසූ මහනුවර පොලිස් ලොක්කෝ

කන්කසන්තුරේ පොලිස් අධිකාරි ජයසිංහගේ නිවසේ අල්මාරියක තිබූ ජීව අත් බෝම්බ දෙක සහ තියුණු කඩුව සාමාන්‍ය සිද්ධියක් ලෙස බලගොල්ල පොලීසිය සිද්ධිය ගසමින් ගොරක දඩමස් කිරිමෙි සිද්ධියක් වාර්තාවෙි . මධ්‍යම පලාත් ජේය්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහනුවර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ , මහනුවර කොට්ඨාශයේ ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී හක්මන යන අයගේ උපදේස් මත කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී ජයසිංහට ක්‍රියාත්මක නොකිරීම ගැන පොලිස් පොඩ්ඩෝ මවිතය පලකරති.
පාතලේ අපරාධකරුවන් ,වැලි ජාවාරම් කරුවන් ,මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ලඟින්ම සිටි ඒඑස්පී ජයසිංහ බෝම්බ තියා ගත් වරදට අධිකරණයට ඉදිරිපත් නොකල මහනුවර පොලිස් ලොක්කෝ දේවාලේ කපුවාට උගේ දේවලේ වසුරු හළන්නට පුළුවන් බව ඔප්පු කර ඇත.
වෙනත් සාමාන්‍ය පුරවැසියෙකුගේ නිවසේ අල්මාරියේ ජීව අත් බෝම්බ තිබී පොලීසිය අත් අඩංගුවට ගත් විට ක්‍රියාත්මක කරන නීතීය කන්කසන්තුරේ ඒඑස්පී ජයසිංහට ක්‍රියාත්මක නොකලේ ඇයිදැයි පොලිස් පොඩ්ඩෝ කෙලින් වැඩ කරන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසුරියගෙන් ප්‍රශ්ණ කරති.
ඒඑස්පී ජයසිංහ යනු පාතලේ අපරාධකරුවන් ,මහනුවර මත් ද්‍රව්‍ය ජාවාරමුන් සහ ගිණි පොලියට මුදල් ණයට දෙන ජාවාරමුන්ගේ ගජයෙකි.මොහුගේ නිවසේ අල්මාරියේ තිබී හමුවූ ජීව අත් බෝම්බ සහ කඩු මොහුට අයත් ඒවා නොවී වෙනත් අයට හිමි ඒවාද.? දූෂිතයෙකු වූ මොහු බේරූ මහනුවර පොලිස් ලොක්කන් සිදුකලේ දූෂිතයෙකු පොලීසිය තුල රැක ගැනීමය. මෙම සහකාර පොලිස් අධිකාරී වරයා මහනුවර දිගන ප්‍රදේශයේදී පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගත් ගිනි පොලී කාරයෙකුවූ මංගල නැමැත්තාට ගිනි අවි පවා ලබා දුන් අයෙකු බව පොලීසියේම පිරිස් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *