මහනුවර නගරයේ රාත්‍රී ත්‍රීවීල් රියදුරු මාෆියාවක්

මහනුවර ත්‍රීවීල් මාෆියාව නිසා නගරයට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටිති.රාත්‍රී කාලයට නගරයේ ස්ථාන රැසක් ආක්‍රමණය කරගෙන ත්‍රිරෝද රථ ගාල් කරන ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් දාමරිකයන් ලෙස හැසිරෙන බව මගීන් පවසයි. ඇතමුන් පච්චකොටා ගෙන කණේ කරාබූ දමාගෙන ,කොණ්ඩ වවාගෙන , කොණ්ඩෙ බැඳගෙන හැසිරෙන්නේ මදාවියන් ලෙසය,
රාත්‍රී කාලයට මගීන් රැගෙන යන ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් ,මගීන්ට තර්ජනය කරමින් ඔවුන්ගෙන් අධික ලෙස මුදල් ගසා කමින් ,ඇතැමුන් කොල්ලකෑම් මත් ද්‍රව්‍ය ජාවාරම් වලට යොමුවී සිටිති,
මෙම ත්‍රීරෝද රථවල රාත්‍රී කාලයට හෝ අළුයම් කාලයට යන මගීන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය,ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් විදෙස් සංචාරකයනට මත් ද්‍රව්‍ය සහ ගණිකාවන්ද සපයන බව බොහෝ දෙනා දන්නා රහසකි,අධික ගාස්තු අයකරමින් මැරයන් ලෙස හැසිරෙන රාත්‍රී කාලයට මහනුවර නගරයේ සැරිසරන ත්‍රීරෝද රථ රියදුරන් පිළිබඳව විශේෂ සංගණනයක් සිදුකර ,ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීම මහනුවර පොලීසියේ වගකීමකි.
කිසිම මගියෙකුට ගරු සරුවක් නොදක්වන මදාවි ත්‍රිරෝද රථ රියදුරන් සමහරක් මහජනයාට කතා කරන්නේ අප්‍රසන්න ලෙසය,ගමනාන්තයට අයකරන ගාස්තුව විමසන විටද අසභ්‍ය වචනවලින් මහජනයාට බැණ වදින රස්තියාදූ කාරයන් ලෙස පෙනී සිටින ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් රාත්‍රී කාලයට විවිධ අපරාධ කරුවන්ට ,සොරුන්ට සහාය දක්වති,මහනුවර මාර්කට් එක ,බස්රථ නැවතුම් ස්ථාන ,කච්චේරිය රෝහල අවට සහ වැව රවුමේ ගැවසෙන රාත්‍රී නගරයේ ධාවනය කරන ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් විවිධ අපරාධ වලටද සම්බන්ධ බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *