බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ විසින් පළාතේ සියළු පාසල් වෙත ලිපියක් ලැබෙන්නට සලසමින් ඒ හරහා තමාට එරෙහිව සාපරාධී අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් මාධ්‍යවේදියකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබෙි.
එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වන තමාට එරෙහිව සාපරාධී අපරාධයක් කරනවාට අමතරව, අදාළ ලිපිය හරහා මහජන මුදලින් නඩත්තු කෙරෙන වැදගත් තනතුරක ගෞරවය කෙළෙසා ඇති බවයි.
සිංහයා හැර සෙසු සියළු සතුන්ගේ නම් භාවිත කරමින් කිසිදු වග විභාගයකින් තොරව රාජකාරි කටයුතු වලදී බැණ වදින්නියක ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රකට මෙම නිලධාරිනියගේ ක්‍රියා කලාපය හේතුවෙන් මානසික ආතතියට පත්ව ඇති බව පවසමින් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු කල් තියා විශ්‍රාම ගෙන තිබෙි.
තවත් නිලධාරීන් රැසක් ලබන වසරේ සිට රේඛීය අමාත්‍යාංශය හා කලාප කාර්යාල වෙත ස්ථාන මාරු වීම සදහා අයැදුම් කර ඇත්තේ ඇයගේ මෙම ත්‍රාඩ හැසිරීමට හා තමන් යෝජනා කර සිටින කිසිදු අධ්‍යාපන සැලසුමකට අනුමැතිය ලබා දීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව පවසමිනි.
ගුරු විදුහල්පති සංගම් පවසන්නේ පළාතේ අධ්‍යාපන ගැටළු විසඳීම සඳහා පසුගිය වසර දෙකක පමණ කාලය තුළ පළාත් ආණ්ඩුකාරවරයා හා පළාත් ප්‍රධාන ලේකම්වරයා සමග ඵලදායී සාකච්ඡා ගණනාවක් පවත්වා තීන්දු තීරණ රැසක් ගැනුණද, ඒවා ක්‍රියාත්මක නොවීමට එකම හේතුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩගේ නොහැකියාව, නොසැළකිලිමත්කම හා ආකල්පමය දිළිඳුකම බවයි.
රාජකාරි හා රාජකාරි නොවන නිවාඩු ලබා ගන්නා අවස්ථාවන් වලදී වැඩ ආවරණය කිරීම දෙපාර්තමේන්තුවේ ඊළඟ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියට නොපවරා, කලාපයේ රාජකාරි හෝ නිසියාකාරව සිදු නොකරන බවට චෝදනා එල්ල වී ඇති කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට පවරා දෙමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ගැටළු රැසකට මග පාදා ඇති බව ගුරු විදුහල්පති සංගම් වල චෝදනාවයි.
කොලඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය පිරවීම සඳහා කෙරුණු අයැදුම්පත් කැඳවීමට අනුව යමින්, ඒ සඳහා අයැදුම්පත් යොමූ කල පළාතේ සිටින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීවරියගේ අයැදුම්පත සඟවා ඇයට සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමේ අයිතිය අහිමි කිරීමට වගකිව යුතු යැයි පවසන්නේද මෙම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියයි.
එම අක්‍රමිකතාවයන්ට නොදෙවෙනි වු මේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් වසර සිය ගණනකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට, සේවය සදහා පැමිණීමේ හා පිටවීම සඳහා සොයා ගන්නා ලද අපූරු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
එනම් උදේ කාර්යාලයට පැමිණීමේදී, එම අවස්ථාවේදීම පිටවීමද එකවර අත්සන් කිරීම එම ක්‍රමයයි. ඇය ආයතන ප්‍රධානියා වශයෙන් මෙමගින් රාජ්‍ය සේවයට ලබා දී ඇති ආදර්ශය දූෂිත එකකි.
මාධ්‍යවේදියා සිය පෙත්සමෙන් කලාප අධ්‍යක්ෂකවරු 11දෙනා ද වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
2026-09-15

