

යුරෝපයේ විශාලතම නෙට්බෝල් සැනකෙලිය ලෙස සමර් ක්ලැසික් නෙට්බෝල් තරගාවලිය එංගලන්තයේ රික්මන්ස්වර්ත් පාර්ක් හිදී පසුගියදා අති සාර්ථකව නිමාවට පත් විය.


විවෘත කාණ්ඩයෙන් අවසන් මහා තරගයට කළුතර බාලිකා පාසල් ආධිශිෂ්‍යාවන්ගේ කණ්ඩායම සමගින් පේදුරු තුඩුව හින්දු මෙතෝදිස්ත පාසල් ආධිශිෂ්‍යාවන්ගේ කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. එහිදී තියුණු තරගයකින් අනතුරුව කළුතර බාලිකා පාසල් ආධිශිෂ්‍යාවන්ගේ කණ්ඩායම ශූරතාවය දිනා ගත්තේ ලකුණු 10 ට 7ක් ලෙසයි.
රික්මන්ස්වර්ත් පාර්ක්, ද රෝයල් මැසොනික් පාසල් ක්‍රීඩා පිටියේ පැවති තරගාවලිය සංවිධානය කළේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය නොඑසේ නම් නාස් යූකේ සංගමයයි.
ඉතිහාසයේ පළමු වරට පැවති පිරිමි නෙට්බෝල් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.
විචිත්‍රවත් සමාරම්භයක් සමග ආරම්භ වූ සමර් ක්ලැසික් නෙට්බෝල් තරගාවලිය සදහා කණ්ඩායම් 34ක් එකව සිටිහ. ඔවුන් කාන්තා විවෘත, කාන්තා වයස අවුරුදු 25න් පහළ හා පිරිමි නෙට්බෝල් ලෙස ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ ඔවුන් තරග වැදිණි.
පිරිමි අවසන් මහා තරගය සදහා යුනයිටඩ් කණ්ඩායම සමගින් එස් පී එම් සහෝදර පාසල් ආධිශිෂ්‍ය කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් එහිදී ලකුණු 9 ට 7ක් ලෙස පළමු පිරිමි නෙට්බෝල් ශූරතාව එස් පී එම් සහෝදර පාසල් ආධිශිෂ්‍ය කණ්ඩායම දිනා ගැණිනි.
කාන්තා වයස අවුරුදු 25න් පහළ අවසන් මහා තරගය සදහා යාපනය හින්දු බාලිකා පාසල් ආධිශිෂ්‍යාවන්ගේ කණ්ඩායම සමගින් ඊගල්ස් ආධිශිෂ්‍යා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. එහිදී ජයග්‍රහණය ලකුණු 10 ට 9ක් ලෙස යාපනය හින්දු බාලිකා පාසල් ආධිශිෂ්‍යාවන්ගේ කණ්ඩායම සතු වුණා.

