පාස්කු ප්‍රහාරයේ ඇත්ත සැඟවීමේ අරමුනින් බිෂොෆ් නිවස සමග එක්වී කරන එන්ජීඕ මාධ්‍ය මෙහෙයුම

2019 අප්‍රේල් මස 21 දින පාස්කු දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි බැතිමතුන් සහ පාස්කු දින විශේෂ ආහාර ලබාගැනීමට ප්‍රධාන හෝටල්  වෙත ගොස් සිටි දෙස් විදෙස් ජනතාව ඉලක්ක කොට එල්ල වූ මිලේච්ඡ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන ලොවම කම්පාවිය.

 දැන් දැන් හෙළිදරව් වෙන කරුණු අනුව මෙම ප්‍රහාරය නිට්ටාවටම එල්ලව බව ඊට දින 13 කට පෙර තමන් වෙත ජාතික බුද්ධි  සේවයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් ලිඛිතව දැනුම්දී ඇති පණිවිඩයක් එවකට බස්නාහිර පලාත්භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් තමා යටතේ සිටින උසස් පොලිස් නිළධාරින්ට දැනුම් දී ඇත. එයට සමගාමීව පොලිස්පති ඇතුළු පොලිස් ජ්‍යෙෂ්ඨයන් විසින් තමන් යටතේ ඉන්නා ජ්‍යෙෂ්ඨයන් දැනුවත් කර ඇත. ඒ අනුව එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නවද දැනුවත් වී ඇති අතර ඔහු මගින් එවකට සීඅයිඩී අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරද දැනුවත්වී ඇත.

එසේම කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවද දැනුවත් වී ඇත. ඒ දැනුවත් වීම මත කාදිනල් මැල්කම් රංජිත් පාස්කු දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගී වීමෙන් වැලකී සිටියා පමණක් නොව ප්‍රහාරයෙන් පසුව කිසිවක් නොදන්නා සාම දූතයාගේ චරිතයට ඇන්දේය. දැන් කරුණු සියල්ලම හෙළිදරව් වෙමින් පවතින මොහොතක දැඩි ලෙසම බියට පත්වී ඇත්තේ කාදිනල් ප්‍රමුක කතෝලික සභාවය.

 ඒ නිසා බිෂොප් නිවසින් මාසිකව දීමනා ලබන සහ සීඅයිඩී අධ්‍යක්ෂ  නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර ගේ පුද්ගලික මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන තරිඳු ජයවර්ධන නැමැත්තා සහභාගී වූ විශේෂ වැඩ සටහනක් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙහෙයවන SL VOlG නැමති යූ-ටියුබ් නාලිකාවේ විකාශනය කරන ලදි. එහිදී තරිඳු ජයවර්ධන ඉදිරිපත් කල සියළුම කරුණු ඔහුට ලබා දී තිබුණේ සීඅයිඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර විසිනි. එය කොතරම් සදාචාරද යන්න වත්මන් පොලිස්පතිවරයා  විසින් පැහැදිලි කල යුතුව ඇත. ලැජ්ජාවක් නැති පොලිස්පති කෙනෙක්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වීමද විහිළුවකි.

 පොලීසිය කොතරම් පහත් තැනට වැටුනත් කාඩිනල් ගේ පදයට නටන ආණ්ඩුවටද වගේ වගක් නැත. වැඩේ එතනින් නතර කිරීමට කාදිනල් ප්‍රමුඛ කතෝලික සභාව සූදානම් නැත.  බොරුව පැතිර වීමේ දෙවන වටය ලෙස තමන් විසින් ආණ්ඩුව මෙහෙයවන බවට අධිමානසිකත්වයකින් සිටින ආණ්ඩුවේ ටීවී චැනල් වලට වඩා වැඩියෙන් ආණ්ඩුවට කඩේ යන සිරස නාලිකාව ද තම සහයට ගැනීමට කාදිනල්  මැල්කම් රංජිත් ක්‍රියාත්මක විය. ඒ අනුව එන්ජීඕ බලල් අතක් වන  SL VOLG හි වත්මන් අයිතිකරු බෲනෝ දිවාකර සහ කතෝලික සභාවෙන් මාසික දීමනා ගෙවා නඩත්තු කරන ශානි අබේසේකර ගේ පුද්ගලික මාධ්‍ය ප්‍රකාශක තරිඳු ජයවර්ධන දෙදෙනා ගෙන්වා විශේෂ සාකච්ඡාවක් සිරස නාලිකාව මගින් විකාශනය කරනලදි.

 එම සාකච්ඡාව මගින් රටේ නීතිය හෑල්ලුවට ලක්කිරීම හොඳින්ම සිදුවිය. එසේම ඔවුන් පන පිහිටුවා අසත්‍ය කරුණු රාශියන් ජනගත කිරීමට උත්සහ දැරිය. එහිදී තරිඳු ජයවර්ධන පැහැදිලි ලෙසම කියා සිටියේ සුරේෂ් සලේව අත් අඩංගුවට ගත්තේ අධිකරණයේ නියෝග මත බවයි. එසේම ඔහු කියා සිටින්නේ අධිකරණය වෙත ලබා දුන් පාපොච්චාරණ සහ අධිකරණය වෙත ඉදිරිපත් කල කට උත්තර ( ලිඛිත ප්‍රකාශ) මත බවයි. එම ප්‍රකාශය සත්‍ය නම් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව සුරේෂ් සලේව ත්‍රස්ථවාදය වැලැක්වීමේ අඥා පනත යටතේ අත්ඩංගුවට ගත්තේ ඇයිද යන්න පෙරලා ප්‍රශ්නයක් ඇසීමට තරම් දැනුමක් එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍ය වේදීන් දෙදෙනාටම නොතිබීම කණගාටුවට කරුණකි. අධිකරණයේ නියෝග මත යම් පුද්ගලයකු අත්ඩංගුවට ගත්තේ නම් නොපමාව අදාල පුද්ගලයාව අදාල අධිකරණය වෙත ඉදිරිපත් කල යුතුය.  මෙහිදී එවැන්නක් සිදු නොවීය.

 සිරිල් ගාමිණී නැමති පූජකයාට එරෙහිව සුරේස් සලේ විසින් පවරා ඇති වන්දි නඩුවේ සුරේෂ් සලේගේ සාක්ෂි විමසීම කෙසේ හෝ නතර කිරීමට සිරිල් ගාමිණීට ඇති වූ හදිසිය නිසා කතෝලික සභාවේ සහ කාදිනල් මැල්කම් රංජිත් ගේ ඉල්ලීම මත සීඅයිඩී අධ්‍යක්ෂ ලෙසට පත්වූ ශානි අබේසේකර යොදවා මෙම අත්ඩංගුවට ගැනීම සිදුකරේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ ආඥා පනත යටතේය. අත්ඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසියට ලැබී ඇති බලතල මත පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව. කාදිනල් මැල්කම් රංජිත්ගේ සහ බෝන් එගේන් ප්‍රමිෂ්කා පෙරේරා ගේ පදයට හොඳටම නටන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාල ලියවිල්ලට අත්සන් තබන ලදි. එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ ඔහුගේ නීති උපදේශක හෝ පොලීසිය භාර ලේකම් හෝ පොලිස්පති හෝ ආණ්ඩුවේ සර්ලොක් හෝම්ස් වන ශානි අබේසේකර හෝ ත්‍රස්ථවාදය වැලැක්වීමේ ආඥා පනතේ 9 වන වගන්තිය පිළිබදව දැන සිටියාදැයි ප්‍රශ්නයකි.

එම වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයකු රදවා තබා ගැනීම සදහා ආරක්ෂක අමාත්‍ය වරයා  අත්සන් තැබූ ලියවිල්ල ලැබී පැය 48 ක් යාමට පෙර අදාල පුද්ගලයා රදවන ස්ථානය අයත් අධිකරණ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වරයා වෙත රදවා තබා ගැනීම සදහා ඇමතිවරයා අත්සන් කල ලියවිල්ලේ සහතික කල පිටපතක් ලබාදිය යුතුය. නමුත් එවැනි ලියවිල්ලක් සීඅයිඩී අධ්‍යක්ෂ වරයා විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් නොකල බැවින්  සුරේෂ් සලේ ගේ නීතීඥයන් විසින් මාර්තු 4 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් වරයාවෙත මෝසමක් මගින් රැදවියාට නිවසෙන් ආහාර පාන ලබා දීමට අවසර ඉල්ලා ඇත. ඒත් ඒ වන විටත් සීඅයිඩී ය සුරේෂ් සලේ අත් අඩංගුවට ගෙන රැදවුම් බාරයේ තබා ගැනීම පිලිබඳව කොටුව මහේස්ත්‍රාත් වරයා දැනුවත්කර නැත. සුරේෂ් සලේ අත්ඩංගුවට ගන්නේ පෙබරවාරි 25 වෙනිදාය. පෙබරවාරි 28 වෙනිදාට පොලිස් බලතල ප්‍රකාර දින 3 ක රඳවා තබාගැනීම අවසන්‍වූ බැවින්  මාර්තු 1 වෙනිදා සිට ඔහුව රදවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍ය වරයා විසින් දින 90 ක රඳවා තබා ගැනීමේ නියෝග අත්සන් කල යුතුය. මාර්තු2 වන දින  රදවා තබා ගැනීම ගැන මහේස්ත්‍රාත් වරයාව දැනුවත් කල යුතුය. අද රටේම නීතිය පාලනය කරන්නේ කාදිනල් මැල්කම් රංජිත් ප්‍රමුඛ කතෝලික සභාව නිසා රටේ පවතින නීතියට අවමන් කිරීම ශානි අබේසේකර හිතාමතාම සිදුකරාද යන්න ප්‍රශ්නය කි.

 මහේස්ත්‍රාත් වරයාට අදාල රඳවාතබා ගැනීම පිලිබඳ දැනුවත් කලාට පසු මහේස්ත්‍රාත් වරයා සෑම මසකටම වරක් රැඳවියා  රඳවා ඇති ස්ථානට ගොස් රැඳවියාව පරීක්ෂා කලයුතුය. ඒ පරීක්ෂා කරන මොහොතේ රැදවියා යම් පැමිණිල්ලක් කලේනම් එයද මහේස්ත්‍රාත් වරයා ලේඛන ගතකල යුතුය. ඒ සියළුම කරුණු සිද්ධ වන්නේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ ආඥා පනතේ ඇති ප්‍රතිපාදනවලට මිස  තරිඳු ජයවර්ධන කියන පරිධි ඔහුගේ ස්වාමියාව වන ශානි අබේසේකර ගේ අනුහසින් නොවේ. එපමනක් නොව රැදවියා විසින් කරන ලද පැමිණිල්ල ප්‍රකාරව රැඳවියාට යම් වද හිංසාවක් පමුනවා ඇති බවට හැගී ගියහොත් රැඳවියාව විශේෂ වෛද්‍ය මන්ඩලයක් ඉදිරියට පමුණුවා වාර්තාවක් කැදවීමේ බලයද මහේස්ත්‍රාත් වරයාට ඇත.  සුරේෂ් සලේව පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත් වරයා විසින් වෛද්‍ය මන්ඩලයක් පත්කරන්නේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ ආඥා පනත ප්‍රකාරව ඔහුට පැවරී ඇති බලතල මතය.

 කාදිනල් මැල්කම් රංජිත් ප්‍රමුඛ කතෝලික සභාවෙන් ලැබෙන  මාසික දීමනාව වෙනුවෙන් රටේ ජනතාව නොමග යැවීමට ටීවී නාලිකාවක් වෙත පැමිණ බොරු කියමින් අධිකරණය හෑල්ලුවට ලක් කිරීම පිළිබදව  තරිඳු ජයවර්ධන ට එරෙහිව පුද්ගලික නඩුවක් පැවරීමට ස්වාධීන නීතීඥයන් පිරිසක් සූදානම් වන බවටද තොරතුරු අපවෙත ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *