විභාග ලොක්කාගේ ගැටය ඇඹරෙයි බිරිඳ යළි පළාත් පාසලකට

කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ රාජකාරි ආවරණ විදුහල්පති ලෙස කටයුතු කළ M. G. A. දිල්රුක්ෂි තැනැත්තිය ජාතික පාසැලක් වන කොළඹ දේවි බාලිකා විද්‍යාලය වෙත ස්ථාන මාරු කරමින් නිකුත් කළ ලිපිය පැය 24 ක් යන්නටත් පෙර අහෝසි කර තිබෙනවා.
ඒ ගුරු, විදුහල්පති සංගම් මතු කළ දැඩි විරෝධය හේතුවෙන් බව සදහන් වෙි.අදාළ ස්ථාන මාරු ලිපිය ජුලි පළමුවෙනි දින පස්වරුවේදී නිකුත් කෙරුණු අතර, එම නිලධාරිනිය නව සේවා ස්ථානයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා.
ගුරු විදුහල්පති සංගම් වල විරෝධයට පදනම් වී ඇත්තේ එම නිලධාරිනිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් “මූලික විමර්ශනයක්” ආරම්භ කර තිබියදී ඇයව පළාත් රාජ්‍ය සේවයෙන් මුදා හැරිමයි සම්බන්ධ⁣යෙනි.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරිනියට එරෙහිව මූලික විමර්ශනයක් ආරම්භ කරන්නේ, ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ 1,039 ක් වන සිසුන් අතරෙන් රුපියල් 5,000 ක් ලෙස බර තැබූ කොටු කාඩ් පත් 2,078 ක් බෙදා හැර එමගින් රුපියල් කෝටියකට අධික මුදලක් දරුවන් ලවා රැස් කිරීමට කටයුතු කිරීම හේතුවෙනි.
ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා ගෙන නොතිබීම හා එය චක්‍රලේඛ උපදෙස් වලට පටහැනි විම සම්බන්ධයෙන් ගුරු, විදුහල්පති සංගම් දිගින් දිගටම චෝදනා කරනවා.

සබැදි පුවත් – කොටු ගැරිල්ලට වැටක් – හුලං බාධකේ හබක්. – voiceofsrilanka.com

“හමන සුළං තදම තදයි – කොටු පුරවමු යාලුවේ” විභාග ලොක්කාගේ නෝනා අමුතු ගැරිල්ලක. – voiceofsrilanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *