දශක ගණනක් තිස්සේ මහජන බැංකුවේ දැන්විම් එකම ඒජන්සිය වූ ට්‍රයෑඩ් එකට   මේ ආණ්ඩුවෙනුත් කුට්ටියක් ගලවයි

ශ්‍රී ලංකාවේ බැංකු අතර වැඩිම මුදලක් ප්‍රචාරණ කටයුතු සඳහා වෙන් කරන බව පැවසෙන මහජන බැංකුවේ ඉදිරි ප්‍රචාරණ කටයුතු ද බාරවී ඇත්තේ එය දශක කිහිපයක සිට සිදු කරනු ලබන ට්‍රයැඩ් ප්‍රචාරණ සමාගමටය.

2004 වසරේ සිට දශක කිහිපයක් පුරා මහජන බැංකුවේ ප්‍රචාරණ කටයුතු සිදුකරන්නේ දිලිත් ජයවීර සහ වරුණි අමුණුගමගේ හවුල් සමාගමක් වන එම සමාගම විසිනි.

කෙසේ වෙතත් දිලිත් මේ ව්‍යාපෘතිය (මහජන බැංකුවේ ඇඩ්වර්ටයිසින්) එදා සිට මේ වන තෙක් සිය අත යට තබා ගැනීමට සමත්ව ඇත.

ඒ මහජන බැංකුවේ ඉහළ ඇවැසිවරු සතුටු කරමිනි. නව රජයක් පත්ව ප්‍රසම්පාදනය තිතටම කරනට සූදානම් වූවද මෙවරත් දිලිත්ගේ එම ව්‍යායාමය සාර්ථකව ඇත. මහජන බැංකුවේ පසුගිය වසරේ ප්‍රචාරක වියදම රු. මිලියන 500 ඉක්මවා යන ලදී.

මාලිමා ආණ්ඩුවේ විනිවිද පෙනෙන ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව, මෙවර වසර තුනක් සඳහා ප්‍රචාරණ ආයතනයක් තෝරා ගැනීමට කාණ්ඩ හතරක් යටතේ ටෙන්ඩර් කැඳවන ලදී.

එම කාණ්ඩ හතර නම්:නිර්මාණශීලී අංශය (Creative),මාධ්‍ය ප්‍රාප්තිය (Media Buying),සමාජ මාධ්‍ය (Social Media Marketing)හා

ඉසව් (Event) යන්නයි.

මෙහි වැඩිම වාසි ඇත්තේ නිර්මාණශීලී ජීප්සියටය. දිලිත්ගේ හුරුපුරුදු කිරීම් මත හෝ අනුදැනුම මත මහජන බැංකුවේ ප්‍රසම්පාදන සහ මාර්කටින් අංශ විසින් නිර්මාණශීලී ජීප්සි හයක් අවසාන මට්ටමට තෝරාගෙන ඇත.

එහිදී දිලිත් සහ අමුණුගම දෙපළට හිමිකාරිත්වය ඇති ට්‍රයැඩ් සහ සර්වා යන ආයතන අවසන් හය අතර ඇත.

එනම් මුළු ප්‍රචාරණ වියදමෙන් හයෙන් දෙකක් (2/6) නොහොත් 1/3 ක් හිමිවන්නේ දිලිත්ටය.

එම හය අතර එක් රාජ්‍ය ආයතනයක් වන අතර අනෙක් ආයතන එතරම් ප්‍රසිද්ධියක් නැති නාමික ආයතනයි.

එම ආයතන තුනද දිලිත් ජයවීර විසින් අටවන ලද ඩමි බවට සැකයක් මේවන විට මතුව තිබේ.

ඉතා ප්‍රබල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නීතිගත කර තිබියදීත් වංගු ගසා රාජ්‍ය මූල්‍ය හැසිරවීමට ඔවුන් සමත්වීම ඇත්තෙන්ම වත්මන් ආණ්ඩුවේ කළ පුරුද්ද නැතිකට උදාහරණයකි.

2004 වසරේ පැවති මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරණ කටයුතු කරනු ලැබුවේ ද මේ ට්‍රයැඩ් ආයතනයයි.

ඒ වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක එම දෙපළට කෘතගුණ සැලකුවේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාත ලබාදීමෙන් බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

පසුව ඔවුන් විසින් දෙරණ මාධ්‍ය ආයතනය ආරම්භ කළේ එම සංඛ්‍යාත ප්‍රයෝජනයට ගනිමිනි.

පසුව සරත් අමුණුගම මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මහජන බැංකුවේ ප්‍රචාරණ කටයුතු සියල්ල ට්‍රයැඩ් වෙත ලබා දෙන ලදී.

ඒ සිය දියණිය ට්‍රයැඩ් ආයතනයේ සම හිමිකාරිත්වය ඇති නිසාවෙනි. මොවුන් දැවැන්ත ව්‍යාපාරිකයන් බවට පත්වූයේ දේශපාලන අනුහසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *