විජේ, ගොඩහේවා හා හරීනුත් පිළිවලින් අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු හා නාලක ගොඩහේවා ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
විජේදාස, සම්බන්ධයෙන් මේවන විට විමර්ශන දෙකක් ක්‍රියාත්මකව ඇති බව එම ආරංචිවලින් සදහන් කරයි.
එක් විමර්ශනයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගිනුත්, අනෙක් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළත් ක්‍රියාත්මකව තිබේ.
අල්ලස් කොමිසම තුළ විජේදාසගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ හා සජබ සංවිධායක චරිත් අබේසිංහ සම්බන්ධ හරක්කටා නම් පාතාල නායකයාගෙන් කොටි 12ක අල්ලසක් සම්බන්ධ සිද්ධිය ඔහු විසින් දැන සිටි බවට වන විමර්ශනයයි.
අනෙකවන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගත් MV X-Press Pearl නෞකාව සිද්ධිය සම්බන්ධ විමර්ශන හා එහි නඩු පැවරීම සිංගප්පූරු අධිකරණයක් වෙත ගෙනගොස් සිදුකරන ලද අකටයුතුකම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු කරනු ලබන වැඩිදුර පරීක්ණයයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන්ම නාලක ගොඩහේවාගේ පැටිකිරියද CIDය පරීක්ෂා කරමින් සිටී.
ඊට අමතරව ඩිජිටල් යටිතල පහසුකම් මුවාවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හි සිදු කළ බිලියන 4ක මහා කොල්ලය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
යහපාලන සමයේ (2017-2018) ක්‍රියාත්මක වූ රුපියල් බිලියන 4කට ආසන්න වටිනාකමකින් යුත් රාජ්‍ය ජාල පද්ධති 2 (LGN 2.0) ව්‍යාපෘතිය පළපුරුද්දක් නැති EZY Corporation නමැති සෆ්රාස් නැමැත්තෙකුට ටෙන්ඩරයක් ලබාදීම හරීන් ප්‍රනාන්දුට එල්ලවී ඇති චෝදනාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *