බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ කේළාම් කියන්නත් රැකියා දීලා

ක්‍රිකට් අතුරු කමිටුව මේ වන විට මෙතෙක් ක්‍රිකට් ආයතනයේ කාර්ය්‍යභාරයක් නොමැතිව හිතවත්කම් හා ජන්ද පදනම මත රැකියා ලබා දී සිටි බොහෝ පිරිසක් ගෙදර යවා තිබේ.
එහෙත් මේ දක්වා එසේ නිකරුණේ ලක්ෂ ගණන් වැටුප් ලබන තවත් පිරිසක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ හා මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ සිටින බව වාර්තා වේ.
බස්නාහිර පළාත් කාර්‍යාලයේ මෙලෙස පිං පඩි ලබන කේළාම් කාරයකු ලෙස හැඳින්වෙන අයෙක් තවමත් රැකියාවේ සිටින බව වාර්තා වේ.
වෙන්නප්පුව හා කුරුණෑගල දිස්ත්‍රික් සංගම් වලින් පලවා හැර බස්නාහිර පළාත් සංගමයට රිංගා ගත් මොහු එහි කරන්නේ තම පෞද්ගලික බිස්නස් බවත් ඉන්දියාවට පාසල් කණ්ඩායම් රැගෙන ගොස් එන ගමන් ළමුන්ගේ බෑග තුළ සඟවා ක්‍රිකට් භාණ්ඩ ගෙනවිත් විකිණීම මොහුගේ ප්‍රධානම රැකියාව වන බවත් දැන ගන්නට තිබේ.
මෙතෙක් මොහුගේ ප්‍රධානම රාජකාරිය වී ඇත්තේ හිටපු භාණ්ඩාගාරික වරයාට කේළාම් සැපයීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *