කොට්ඨාශ, කලාප හා පලාත් අධ්‍යාපන කාර්යාල වල නියෝග පවා නොතකමින්, පන්නිපිටිය “මාලපල්ල විජය ඝෝෂ විදුහලේ” සිදුවෙමින් තිබෙන මුදල් එකතු කිරීමක් සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර ඇති බව වාර්ථාවෙි.
එම පාසලේ මාපියන් හා ගුරුවරුන් විසින් පසුගිය (13) දින සිදු කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ පසු දින විශ්‍රාම ගන්නා මෙතෙක් විදුහල්පති ධූරයේ වැඩ බැලූ, උප ගුරුවරායා වෙත තෑගි බෝග ලබා දීමට අදාළ මුදල් එකතු කිරීම සිදු වන බවයි.
එම පැමිණිල්ලට අනුව සිසුන් 512 කු ඉගෙනුම ලබන අදාළ පාසලේ එක් සිසුවෙකුට රුපියල් තුන්දාහස (3,000) බැගින් ගෙවීම් කිරිමට බල කෙරී ඇති බවයි.
ඊට එරෙහිව මහරගම කොට්ඨාශ කාර්යාලයට, ජයවර්ධනපුර කලාප කාර්යාලය හා බාස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කළද එයින් කිසිදු ඵලක් නොවූ බව පැමිණිල්ලේ සඳහන් වෙි.
පාසලේ ගුරුභවතුන් විසින් මුදල් එකතු කිරීම ප්‍රතික්ෂේප කළ පසුබිමක එම කටයුත්ත සඳහා පංති නියෝජිතයන් යොදා ගෙන තිබෙන්නේ පාසලේ සහකාර විදුහල්පති විසින් බවට ගුරුවරුන්ගේ චෝදනාවයි.
විදුහල්පති සංගම් පවසන්නේ මීට වසර කිහිපයකට පෙර, මෙම පාසලේ විදුහල්පති ධුරය පුරප්පාඩු වුවද, ශ්‍රේණිධාරි විදුහල්පතිවරයකු පත් කිරීමට එවක පැවති පාළනය කටයුතු නොකළ බවයි.
එබැවින් පසුගිය සතියෙි විශ්‍රාම ගන්නා උප ගුරුවරයාට දේශපාලන අනුහසින් සුදුසුකම් නොමැතිව විදුහල්පති තනතුර දැරීමට හැකි වූ බව විදුහල්පති සංගම් වැඩි දුරටත් පෙන්වා දෙනවා.
මේ අතර ගුරු සංගම් චෝදනා කර සිටින්නේ බස්නාහිර පළාතේ පාසල් බොහොමයක පංති නියෝජිතයන් තැරව්කරුවන් ලෙස යොදා ගෙන, පාසල් ප්‍රධානීන් විසින් දරුවන් ඇපයට ගනිමින් රජයේ චක්‍රලේඛ නොතකා මුදල් එකතු කිරීම, මාපියන්ට මහත් පීඩාවක් වි ඇති බවයි.
2026-05-18

