රටක් ලෝකයක් රැවටූ මාලිමාවේ ආර්ථික කමිටුව

2024 නොවැම්බර් මස 14 වෙනි දින වත්මන් ආණ්ඩුව බලයට පත්විය. ඒ ආණ්ඩුව එසේ මෙසේ ආණ්ඩුවක් නොව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තනි පක්ෂයක් පාර්ලිමේන්තුව 2/3 ක බලයක් සහිත පත්වූ එකම සහ ප්‍රථම ආණ්ඩුව විය.

එවැනි බලයක් වත්මන් ආණ්ඩුවට ලබා දීමට මූලික හේතුවක් වූයේ එතෙක් රට පාලනය කල දේශපාලන පක්ෂ විසින් අනුගමනය කල වැරදි ආර්ථිකය කළමනාකරණය නිසා රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කිරීමය. ඒත් මැතිවරණය පැවැත්වෙන විට රට බංකොලොත් බවින් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සහ ඉන්දීය ණය ආධාර යටතේ ඩොලර්  බිලියන 3 යටතේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ ජනතාවට ලැබෙමින් පැවතුණි.

ඒත් ජනතාව වෙනසක් පැතූ අතර පෙර පාලකයන්ට වඩා ජාතික ජන බලවේගය විසින් හදුන්වාදුන් මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේ තිබූ ආර්ථික කමිටුව කටයුතු කරාවී යන අහිංසක බලාපොරොත්තුව ජනතාව තුල තිබුණි. එම ආර්ථික කමිටුව ආචාර්ය මහාචාර්යවරුන් සහ ජවිපෙ නියෝජනය කරන දේශපාලකයක් ඇතුළු 21 දෙනෙක් ගෙන් සමන්විත විය.

 රටේ අවාසනාවට මහමැතිවරණය ජයග්‍රහණය කර ඇමති මන්ඩලය පත් කිරීමෙන් පසුව අද දක්වා එක වතාවක් හෝ  ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව රැස්වූයේ නැත. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්  රටේ ආර්ථිකය හැසිරවීමට අලුත් කන්ඩායමක් පත්කර ගන්නා ලදි.

ඒ ආර්ථික කමිටුව මෙසේය

ව්‍යපාරිකයින් වන    ධම්මික පෙරේරා ,ඉෂාර නානායක්කාර , කෙන්බාලේන්ද්‍රන්, ඩඩ්ලි සිරිසේන ,හිටපු ඇමතිවරයෙකු වු   මලික් සමරවික්‍රම  ය.

ඔවුන් සියළුම දෙනා වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමට ධනය පරිත්‍යාග කල වුන් වේ.

වත්මන් ආණ්ඩුවේ මූලික අභිප්‍රාය වී ඇත්තේ ජනතාව නැවත වටයකින් ගොනාට අන්ඳවා තම දේශපාලනය වෙනුවෙන් ධනය වියදම් කල ව්‍යාපාරිකයන්ගේ ධනය නැවත ඔවුන්ට පොලියත් සමග ලබා දී ඊලග මැතිවරණයේ දී නැවත මූල්‍ය ආධාර ලබා ගැනීමය. ලබාදුන් මුදල් නැවත ලබා දෙන්නේ ජනතාවගේ සාක්කුවෙන් මිස ජවිපෙ පක්ෂ අරමුදලින් නොවේ.

ණය බේරීම පටං ගත්තේ ඩඩ්ලි සිරිසේන ගෙනි. ඒ රුපියල් 195 ක විවෘත වෙළද පොලේ තිබූ සහල් කිලෝවක මිළ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේසයට අතින් ගසා රුපියල් 230/= පාලන මිලක් නියම කිරීමෙනි. ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සහල් කිලෝග්‍රෑම් ලක්ෂයක් දිනකට වෙළද පොලට නිකුත් කරනු ලබයි. ජනාධිපතිවරයා විසින් සහල් පාලන මිළක් පැනවීම නිසා ඩඩ්ලි සිරිසේනට එක් දිනකට රුපියල් ලක්ෂ 35 ක අමතර ශුද්ධ ලාභයක් ද මසකට රුපියල් ලක්ෂ 1050 ක අමතර ශුද්ධ ලාභයක්ද හිමි විය.

රටක් ලෝකයක් රැවටූ ජාතික ජන බලවේගය හදුන්වාදුන් ආර්ථික කමිටුව මිය ගොස් අදට වසර දෙකනි. ආර්ථික කමිටුව නිවනින් සැනසේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *