මහනුවර ආගමන විගමන කාර්යාලය මසකට රුපියල් ලක්ෂ 07ක ,කුලියට පුද්ගලික ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන තිබේ මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ පසුගිය ආණ්ඩුවේ දේශපාලනඥයෙක් හරහා බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මහනුවර රජයේ ගොඩනැගිලි තිබියදී මෙම පුද්ගලික ගොඩනැගිල්ලට මහජන මුදල් වැය කරන්නේ ඇයිදැයි මහජනතාව ප්‍රශ්ණ කරති.මහනුවර විදෙස් ගමන් බලපත් නිකුත් කරන කාර්යාලය ඉදිරිපිට එක්දින සේවවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් රුපියල් විසිදහසක් ගෙවා ලබා ගැනිමට කලින් දින සිට පෝළිමට එක්විය යුතුයි.මෙම පෝළිමේ රැය පහන් කර පසුදින උදේ හතේ සිට කාර්යාලය තුලට ගන්නා පාස්පෝට් අයදුම් කරුවන්ට සවස 3 30 වන විට එක්දින සේවයේ රුපියල් විසි දහසේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගත හැක.
අව්වේ වැස්සේ පින්නේ කාඩ් බෝඩ් කෑලි එළාගෙන තරුණ මහලු කාන්තාවන් පිරිමින් එක්දින සේවයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට දස දුක් විඳිති.සිස්ටම් චේන්ජ් කීවාට මහනුවර පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට මාෆියාවක් ක්‍රියාත්මක වෙයි,වැසිකිළි කැසිකිළි පහසුකම් නැත,හදීසියේ රෝගී වූවහොත් පෝළිමේ මියයන තත්ත්වයකි,එක්දින සේවයේ පෝළිමේ 01 සිට 15 දක්වා රුපියල් 5000/= කට තැරැව්කරුවන් පෝළිමට සමිබන්ධ විය හැකිය. රුපියල් ලක්ෂ ගනනක දෛනික ආදායමක් උපයන මහනුවර විදෙස් ගමන්බලපත් කාර්යාලය ට යන එන ජනතාවට ලැබෙන්නේ පහත් සැළකිළිය ,රාජ්‍ය ආයතනයක් මෙහි මහජවතාවගෙන් අයකර ගන්නා මුදලට නිසි අගයක් නැතැයි මහජනතාව පවසති,දැන්වත් මෙම රාජ්‍ය ආයතනය රජයේ ගොඩනැගිල්ලක් වෙත රැගෙන යායුතු බව මහජනතාව රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

