සනත් ජයසූරිය මේ දිනවල කෙත්තාරාමයේ අධි තාක්ෂණ අංශයට වෙලා සිටින බව වාර්තා වේ.
ඔහු ජාතික පිලේ පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වුණත් ඔහුගේ කොන්ත්‍රාත්තුව ජූනි මාසය දක්වා තිබෙන අතර ෂම්මි ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස් වන්නට පෙර ඔහුට සේවා දිගුවක් ලබා දී නොමැත.
ඒ අනුව මෙතෙක් පුහුණුකරු ලෙස ඔහු ලබා ගත් ඩොලර් 25,000 මාසික වැටුප ඔහු තවමත් ලබන අතර ඔහුගේම පුද්ගලික මෝටර් රථය ක්‍රිකට් ආයතනයේ ප්‍රවාහන අංශයට අනුයුක්ත කොට එහි කුලිය ලෙස ලක්ෂ හයක්ද මාසිකව ලබා ගන්නා බව වාර්තා වේ.ඊට අමතරව ඉන්ධනද කෝටාවක් මේ අතර ඔහු ක්‍රිකට් ආයතනයෙන් ලබා ගනී.
2026-05-15

