රාජකාරිය අකුරටම ඉටු කිරීමට යාම තුළ පසුගිය කාලයේ විවිධ බලපෑම් හා හිරිහැර වලට ලක් වූ මහනුවර “උඩ පළාත ප්‍රාදේශීය ලේකම්” නීතිඥ ආත්මා දිල්රුක්ෂි මහත්මියව ස්ථාන මාරු කිරීම සඳහා ප්‍රයත්න දැරෙමින් තිබෙන බවට වාර්තා වේ.
ඒ සඳහා දශක ගණනාවක් තිස්සේ ගම්පොල සිය රාජධානිය ලෙස සලකා, මහජන දේපළ කොල්ලකෑ දේශපාලන පවුලක් සහ එම කොල්ලයන්ට සහය දුන් රජයේ නිලධාරීන් පමණක් නොව, වත්මන් ආණ්ඩුවේ දේශපාලන බලවතුන් කිහිප දෙනෙක්ද අත්වැල් බැඳ ගෙන සිටීම විශේෂත්වයකි.
වාර්තා වන පරිදි අදාළ දුස් සසන්ධානය අවි අතට ගෙන ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගම්පොල රජයේ තවත් ඉඩම් රැසක් සොරුන්ගෙන් මුදා ගැනීමට තව දුරටත් ක්‍රියාත්මක වෙමින් සිටින පසුබිමකයි.
2024 වසරේදී ඇයව අනීතික ලෙස ස්ථාන මාරු කෙරුනේ අම්බුළුවාව ඇතුළු ගම්පොල රජයේ ඉඩම් රැසක් ජයරත්න පවුලේ ග්‍රහණයෙන් රජයේ භාරයට ගැනීමට මුල පිරීමත් සමගයි.එවකට එම ස්ථාන මාරුව රාජ්‍ය සේවා කොමිසම විසින් අවලංගු කළා.
අනතුරුව දේශපාලන බලය අවභාවිත කරමින්, ප්‍රාදේශීය ලේකම්වරියව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා පීඩනයට ලක් කළා. එයින්ද නොසැලුණු ආත්මා දිල්රුක්ෂි මහත්මිය ජයරත්න පවුල කාලයක් හොරට භුක්ති විඳි රජයේ දේපළ දෙකක් රජයේ භුක්තියට ගත්තේ මුළු මහත් රාජ්‍ය සේවයටම ආදර්ශයක් ලබා දෙමින්.
මෙවර ඇයව බිලි ගන්නට යන්නේ “දිට්වා” සුළි කුණාටුව සදහා සහන සැලසීමේදී අසාර්ථක වූ බවට සාවද්‍ය ප්‍රචාර පතුරවමිනි.
ජයරත්න පවුලේ දාසයකු ලෙස කටයුතු කිරිමේ ධීන ඉතිහාසයකට උරුමකම් කියන මහනුවර සිටින රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ නිලධාරීයකු විසින් අදාළ අශිෂ්ට ප්‍රචාර සදහා සමහරක් ග්‍රාම නිලධාරින්ද යොදා ගෙන ඇතැයි වාර්තා වනවා.
එම නිලධාරියාටද ඉදිරි කාලය වලදී අධිකරණය හා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇත්තේ, තවත් රජයේ ඉඩම් ගණනාවක් අනවසර භුක්තියෙන් මුදා ගැනීමට ආත්මා දිල්රුක්ෂි මහත්මිය නිසි පියවර තබා ඇති බැවිනුයි.
එම රජයේ ඉඩම් සොරා කෑමට ලක් වූ අපූරු සැලසුම් ඉදිරියේ දී හෙළිදරව් කරන්නෙමු.
2026-05-15

