පොලීසියේ පහල මට්ටමේ නිලධාරීන් 90% ඉන්නේ කළකිරීමෙන්

මාතලේ කොට්ඨාසයේ පොලිස් ලොක්කා කරණු ලබන කෙනහිලිකම් ගැන අප පසුගිය දිනක හෙළිදරව් කලෙමු. එම හෙළිදරව්වෙන් පැය කීපයකට පසුව බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් එම දිසාවේ සියලුම රාජ්‍ය නිවේදිත නිළධාරින්ට සහ ස්ථානාධිපතිවරුන් අමතා ලියන ලද ලිපියක පිටපතක් පොලිස් පොඩ්ඩකු විසින් අපවෙත එවා ඇත.

පොලිස් නිළධාරින් බහුතරයක් සිටින්නේ රාජකාරිය පිළිබදව මහත් කළකිරීමෙන් බව අප ලියන විට ආණ්ඩුවේ කේවට්ටයන් කියන්නේ අප දේශද්‍රෝහී ලෙස ආණ්ඩුව විවේචනය කරන බවයි. ඒ ඩෝබිලාට එක දෙයක් අමතකය ඒ අප මෙම වෙබ් පිටුව පටං ගත්තේම අවුරුදු 76 ක් මේ රට විනාශ මුඛයට ගෙන ගිය පාලකයන්ට එරෙහිවය. නමුත් දැන් අපි මේ ආණ්ඩුව කරන වැරදි විවේචනය කරන්නේ නැවත මේරට බංකොලොත් කරපු උන්ට ඔටුණු පළඳවන්නට නොවේ. අපි හඳපු ආණ්ඩුව උනත් ඔවුන් කරන වැරදි, වැරදි ලෙසටම විවේචනය කරනවා හැර එය සෝදාමින් ඩෝබි වැඩේ කිරීමට අපට බැරිය. එසේම නිහඩව සිටීමටද බැරිය හේතුව අප කියූ දේවල් අනුව තම ඉතිහාසගත දේශපාලන භාවිතාව වෙනස් කර මේ ආණ්ඩුව කෙරේ විශ්වාස තැබූ විශාල පිරිසක් සිටීයි. අප ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ආණ්ඩුව පෙන්වා දෙන වැරදි නොපිළිගෙන උද්ච්ච බවින් ඉඳි කටයුතු කරමින් වැරදි පෙන්වන අපව ද්‍රෝහීන් ලෙස සලකා කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ විනාශය ඔවුන්ම ලගා කර ගන්නා බව අකමැත්තෙන් වුවද කිව යුතුය.

 පොලිස් නිළධාරින් ගේ පිරිහීම ඊලගට භූමරෑංගයක් වී එන්නේ පාලකන් දෙසටය. පොලීසියේ වෛරයට පාත්‍රවූ කිසිම පාලකයෙකුට වැඩි ආයුෂ නැතිබව ඉතිහාසය සාක්ෂි දරයි.

 පොලිස් නිළධාරින්ගේ කළකිරීම ගැන නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර විසින් යැවූ ලිපිය කිසිඳු වෙනස් කිරීමකින් තොරව පලකරන්නේමු.කියවා දැනුවත් වෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *