යාපනයේ මණ්ඩතිව් නම් දූපතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකර දෙන බවට ජනාධිපතිවරයා ඇන්දවීම ගැන ඔහු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සමග බලවත් සේ කෝපයට පත්ව සිටින බව වාර්තා වේ.
ෂම්මි සිල්වා විසින් දෙන ලද පොරොන්දුව අනුව ජනාධිපතිවරයා මීට මාස පහකට පමණ පෙර යාපනයේ කළ සංචාරයකදී යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හා එයට ඒකාබද්ධව තට්ටු නිවාස හා කඩ සාප්පු සංකීර්ණයක් ලබා දෙන බවට යාපනය ජනතාවට පොරොන්දු වී ඒ සඳහා මුල් ගලද තැබූ නමුත් දැන් එය එම ස්ථානයේ ඉදි කළ නොහැකි මට්ටමක තිබීම නිසා ජනාධිපතිවරයා යාපනය ජනතාවට බොරු කාරයකු වීම මෙයට හේතුව වී තිබේ. සනත් ජයසූරියද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සඳහා මුදල් ලබා දෙන බවට තවත් බොරුවක් කියා ජනාධිපතිවරයා රවටා තිබේ.
ඒ අනුව ඔහු සිරස නාලිකාව හරහා ෂම්මි ප්‍රමුඛ ක්‍රිකට් පරිපාලනයට දිගට හරහට ගසන්නටත් අල්ලස් කොමිසම හමුවේ ඔවුන්ට ඇති පැමිණිලි වහාම විභාග කරවීමටත් කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් මෙයින් බේරීමට ෂම්මි ඇතුළු ක්‍රිකට් විධායක සභාවට නුදුරේදීම ඉල්ලා අස්වීමට සිදු වනු ඇතැයිද වාර්තා වේ.

