මාලිමා ආණ්ඩුව බිහිවී මේ ගෙවි යන්නේ තුන්වැනි වගා කන්නයයි. .මහ කන්නයේ වී අස්වනු නෙලීම දැන් පවතින්නේ අවසන් අදියරේ ය.හෙක්ටයාර් එකකට පොහොර සහනාධාරය රුපියල් 10000 කින් වැඩි කිරිම හැරුණු කොට මේ ආණ්ඩුව වී ගොවියා වෙනුවෙන් සිදුකල දෙයක් නැත.වී අලෙවි මණ්ඩල වී ගැනිල්ල මර නින්දේ ය..
මේ තත්වය මත සුපුරුදු ලෙස මහ මෝලුන් සුපුරුදු ලෙස එක් පසෙකින් ගොවියාද අනෙක් පසින් සහල් පාරිභෝගිකයාද රිසි සේ සූරාකෑම අපූරුවට සිදු කරනු පෙනේයි.
මේ මෝලුන් රට ආර්ථික අර්බුද සමයේ වී මිලට ගත්තේ වී මිටිය රුපියල් 8500 සිට 9000 ක් දක්වා මිලකට ය.ඊට සරිලන ලෙස ඔවුන් සහල් රුපියල් 220.00 ක් දක්වා වැඩිකර ගත්තේය .ක්‍රමයෙන් රට සාමාන්‍ය තත්වයට පත් වූ පසු ඔවුන් කලේ සහල් මිල එලෙසම තබාගෙන වී මිළ පල්ලම් බැස්සවීමය..ඒ අනුව අද වන විට අමු වී මිටියක් ඔවුන් මිලට ගන්නේ රුපියල් 6000 -6300 අතර මිලකට ය.එය මරු ආර්ථික විද්‍යා න්‍යායකි.
අනෙක් ආණ්ඩු ගොවියා දෙස බැලුවේ මහා වධකාරයන් විදියට ය.එහෙත් වත්මන් ජනාධිපති සහෝදරයාගේ සිට බොහෝ මන්ත්‍රීවරු ගොවීන් සමඟ අරගල කල අයය.එහෙත් අද ඔවුන් සියල්ලෝම ඩඩ්ලිලා, නිපුනලා නිව් රත්නලා ජෙටි සංදර්ශන පෙන්වා ගොවීන්ට කොකා පෙන්නන විට කසාය බීපු ගොළුවන් සේ හැසිරීම ඛේදජනක ය.
වරෙක ජනාධිපතිවරයා කීවේ බැරි උනොත් හමුදාව යොදා මහ මෝලුන් මට්ටු කරන බවය .එය කෙසේ වෙතත් රත්න මෝල් හිමි මිත්‍රපාල ලංකේශ්වර විසින් සෝමාවතීයේ ඉදිකල පුරාවිද්‍යා කටුගෙය විවෘත කලේ ජනාධිපතිවරයාය. ඩඩ්ලි සිරිසේන රටපුරා කතා කරමින් කයිවාරු ගහන්නෙ හරියට ඔහු අරලිය සහල් මෝල ජනතා හිත සුව පිණිස පවත්වන දන්සැලක් සේ නොකියා කියමිනි.ඩඩ්ලි ඇතුලු සමස්ත මහ මෝලුන් දැන් අවම වශයෙන් සහල් කිලෝවකින් රුපියල් 50.00 කට වැඩි ලාභයක් උපයති.කීරි සම්බා වලින් රුපියල් 100.00 කට වඩා ලාභ ගනිති.ඊට අමතරව සුනු සහල්,සහල් කුඩු, දහයියා ,කලු ඇට ඇතුලු අතුරු නිෂ්පාදන වෙනමම වෙළෙඳපලකි.
කණගාටුව වන්නේ මේ සියල්ල ඔහේ සිදුවන්නට ඉඩ හැර ආණ්ඩුව නිදි කිරා වැටීමය.අවම වශයෙන් ලාල් කාන්ත ,නාමල් කරුණාරත්න ඇමති සහෝදරවරුන්ට තාමත් වී අලෙවි මණ්ඩලයට එක ලොරියක්වත් මිළදී ගැනීමට බැරිවිය. වී වේලීමට වියලන යන්ත්‍ර (ඩයර්) එකක්වත් හදා ගන්නට බැරිවිය.විදේශ රටක උපකාරයෙන් හෝ මහා පරිමාණ වී මෝලක් ,දෙකක් ඉදිකර ගැනීමට උත්සාහයක් හෝ දරන බව නොපෙනේ.
එය වඩාත් දුකක් වන්නේ සමස්ත ලංකා ගොව්ජන සම්මේලනයේ හිටපු සහාපති අනුර කුමාර දිසානායක මහතා රටේ මුල් පුටුවේ සිටීමය.එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කෘෂිකාර්මික නියෝජ්‍ය අමාත්‍ය වීමය .එහි ලේකම් ටී.බී සරත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය වීමය .එහි උප සභාපති සුසන්ත නවරත්න අනූරාධපුර මන්ත්‍රී වීමය .
ඉදිරි යල් කන්නයටත් ගොවියාට හා සහල් පාරිභෝගිකයන්ට මේ ඉරණම අත්වීමට ඉඩ නොදීම මේ ඇත්තන්ගෙ වගකීමය.

