ලොකු රාළහාම් පොලිස් කරන්න විශේෂ විමර්ශන එකකය යොදා ගනී?

පොලිස් දෙපාර්තමේන්තුවේ ලොකු රාළහාමි හෙවත් දකුණු පළාත භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් විසින් අයථා වත්කම් ඉපැයිම පිළිබදව පොලිස් විශේෂ විමර්ශන එකකය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙි.

පසුගිය කාලයේ ඔහු විසින් සිය බලය උපයෝගි කර ගෙන රැස් කළ වත්කම් සම්බන්ධයෙන් පළමු වරට අනාවරණය කිරිමට වොයිෂ්ඔෆ් ලංකා කටයුතු කළේය.

මුලින්ම අප ඔහු විසින් අනුරාධපුර පුජා නගරය ආසන්නයේ ඉදිකර ඇති ඒතූප ස්ටාර් සිව්මහල්  හෝටලය සමිබන්ධයෙන් හෙළි දරව් කළේය.

පසුව ඔහුගේ ලීබඩු සාප්පු , කුලියාපිටිය පිහිටි ව්‍යාපාර ගොනැගිල්ල  ආදි ව්‍යාපාර පිලිබදව හෙළි දරව් කිරිමත් සමග එම ව්‍යාපාර සියල්ලක්ම ඉතා අඩු මුදලකට ව්‍යාජව සකස් කළ බදු ඔප්පු යටතේ හිතවතුන්ගේ නමට පැවැරිමට කටයුතු කර ඇත.

ඒ ආකාරයට අනුරාධපුර හෝටලයද මාසිකව රුපියල් විසිපන්දහස (25000) බැගින්  වාරික 60 ( අවුරුදු පහකට)කට කුලියට ලබාදී තිබෙි.එය ඉදිකිරිමට කෝටියක ණයක් ද ලබා ගෙන ඇති බව සදහන්වන අතර එහි වටිනාකම කෝටි විස්සකට අධික හෝටලයක් මාසයකට රුපියල් විසිපන්දහසක කුලියට සිමෙන්ම එහි ඇති සෑබෑ නිරුවත පෙණේයි.

කෙසේ වෙතත් මිතුරු පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාගේ උවමනාවට සිදු කරන මෙම විශේෂ විමර්ශනය ඔහු ගොඩ  දමා නිර්දෝෂි කිරිම සදහා සිදු කරන විමර්ශනයක්ද යන්න පිළිබදවද සැක මතුව තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *