නාකොටික් එකේ ආනුභාවයෙන් මත්ද්‍රව්‍ය ටොන් එකක් ගොඩ බිමට

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආරක්ෂක කමිටු රැස්වීමකදී කියා සිටියේ රටතුළ මත්ද්‍රව්‍ය පැතිරීම කෙසේ හෝ නතර කල යුතු බවත් එය යුගයේ අවශ්‍යතාවය බවත්‍ ය. ඒත්  මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ උපදේශක සහ ලේකම් ගේ ආශිර්වාදයෙන් පොලිස් නාර්කොටික් බියුරෝවට පැමිණි සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න විසින් ජනාධිපතිවරයාගේ මතය තුට්ටුවකටවත් ගනන් නොගෙන ඔහුගේ පුද්ගලික සුඛවිහරණය සදහා රට තුල මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවට වර්ධනය කිරීම සිදුකිරීම සිදුකරමි සිටීයි. මේ කියන්නේ ඒ එක් අවස්ථාව ක ගැනයි.

  පසුගිය දිනක ඇංගා සහ ටැංගා නම් බහුදින ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කළේය. ඒ මත්ද්‍රව්‍ය ටොන් එකක ප්‍රමාණයක් ගොඩ බිමට ගෙන ආවා කියන සැකයටය. නමුත් එම යාත්‍රා දෙකේ මත්ද්‍රව්‍ය අංශුමාත්‍රයක් නොවීය. නමුත් එම යාත්‍රාවල සේවය කල පුද්ගලයන් අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමේ නියෝග යටතේ තබාගෙන සිටීයි. ටික දිනක් ගිය පසු ඔවුන්ව මුදවා හැරීයේය. එය ජනාධිපතිවරයා ඇතුළු රටේම ජනතාව රවට්ටන රඟදැක්වීමකි.

2025 පෙබරවාරි මස දක්වා පැතුම් නැමති පොලිස් පරීක්ෂකවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළේය. ඒ එම ඒකකයේ බුද්ධි සහ ආවේක්ෂන අංශයේ ස්ථානාධිපති ලෙසය. එම කාළය තුලදී ධීවර අමාත්‍යාංශය සතුව තුබූ ගැඹුරු මුහුදෙ ඇති බහු දින ධීවර යාත්‍රාව ගමන් මග පරීක්ෂා කිරීමේ ඕස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුන වීඑම්එස්  තාක්ෂණික මෘදුකාංග ය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබාදුනි. ඒ අවස්ථාවේ දී එම මෘදුකාංගය ලබාගෙන ඇත්තේ පොලිස් පරීක්ෂක පැතුම් නිලධාරියාගේ පුද්ගලික විද්‍යුත් ලිපිනයට ය. මෙම මෘදුකාංගය ලබා ගැනීමෙන් පසුව පොලිස් පරීක්ෂක පැතුම් විසින් එය පරිශීලනය කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් පරිභාහිර පුද්ගලයන්ට ලබාදී තිබුණි. එසේ ලබා දී තුබුණේ එය විවෘත කල හැකි රහස් ඛේතයද සමගිනි. තම රාජකාරිය නිසි ලෙස ඉටුනොකිරීම නිසා ඔහුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් බැහැරට මාරුකර යවා වීඑම්එස් පරීක්ෂාවද කාර්යාංශයේ බුද්ධි සහ ආවේක්ෂන අංශයෙන් ඉවත් කර මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ වෙනත් නිලරියකුට පැවරීය.

පොලිස් පරීක්ෂක පැතුම් යනු කලක් විශේෂ කාර්ය් බලකායේ සේවය කල අයෙකි. ඔහු රාජගිරිය කදවුරේ සේවය කරද්දී භෝජනාගාර පාලක ලෙස සිට විශාල ලෙස මුදල් සොරකම් කල අයෙකි. කෙටියෙන් කියනවා නම් පොලිස් නිළධාරින් ගේ බත් පතෙන්ද කෙළිය නරුම පාදඩයෙකි.  ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ඉවත්කල පසු ඔහුගේ අකටයුතුකම් පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ යක් පවත්වමින් සිටීයි. එහිදී අනාවරණය වූයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පරිභාහිර ඛේදක ( Divisor) 52 ක් මගින් වීඑම්එස් ජාලයට ඇතුළු වී පරීක්ෂා කර ඇති බවයි. සිංගප්පූරුවේ සිටද එය පරීක්ෂා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල පරීක්ෂණ මගින් තහවුරු කර ගෙන ඇත.

 පොලිස් පරීක්ෂක පැතුමි ඉවත්කර වීඑම්එස් ජාලය පරීක්ෂා කිරීමට යෙද වූයේ මධුෂාන් නැමති නිලධාරීයාය. ඔහු 2023 වසරේදී මරදානේදී පුද්ගලයෙකුට ශරීරයේ ස්ථාන 49 කට පහර දී මරා දැමූ නඩුවේ එක් චූදිතයෙකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ සිටින්නේ නමටය ඔහුව පාලනය කරන්නේ කූඨප්‍රකට සිගරට් ජාවාරම් කරුවෙක් වන සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්නය. වීඑම්එස් පරීක්ෂාව මධුෂාන් කරනුයේ ධම්මික සේනාරත්නගේ අධීක්ෂණය යටතේය. ලංකාවේ දකුණු වෙරළේ සිට දියඹට යන බහුදින ධීවර යාත්‍රා ලංකාවේ බටහිට දෙසට ගමන් කරන්නේ නම්  එම යාත්‍රා පිළිබදව වැඩිපුර සෝදිසි කිරීම සිරිතකි. එයට හේතුව දකුණේ සිට ඒ දෙසටම බහුදින යාත්‍රා වක් යන්නේම මත්ද්‍රව්‍ය ගෙනඒමටම ය. එසේ ගිය බහුදිනම් යාත්‍රා වක් ආපසු එමින් සිටිනවා වීඑම්එස් හරහා තහවුරු කර ගත් විගස සහකාර පොලිස් අධිකාරී ධම්මික සේනාරත්න කරන්නේ ඔහුගේ ගජයා වන පොලිස් පරීක්ෂක පැතුම්ට කියා ඔහු හරහා අදාල බහුදින යාත්‍රා අයිති කරුට කතා කොට බඩු අත්ඩංගුවට නොගෙන සිටීමට ගාන කතා කිරීමය. බහුදින යාත්‍රා වේ අයිතිකරු ඉන්පසුව අදාල බහුදින යාත්‍රා වේ ස්කීපර්ට කතාකොට වෙනත් බෝට්ටුවකට එම මත්ද්‍රව්‍ය තොගය මාරුකිරීම කරයි. ඒ කොටස අවසන් වූ පසුව පොලිස් පරීක්ෂක පැතුම්ට බහුදින යාත්‍රා වේ අයිතිකරු පනිවිඩයක් ලබාදෙයි. ඉන් පසුව සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න කරන්නේ අදාල බහුදින යාත්‍රාව ගැන නාවික හමුදාවට දැනුම් දීමයි. නාවික හමුදාව පරීක්ෂා කරවිට අදාල යාත්‍රා වේ ඇත්තේ මාළු පමණි. පසුගිය දා ඇංගා සහ ටැංගා යනුවෙන් නාවික හමුදාව පරීක්ෂා කල බහුදින යාත්‍රා මත්ද්‍රව්‍ය ටොන් එකක් නැත හොත් කිලෝ ග්‍රෑම් 1000 ක් ගොඩ බිමට නිරුපද්‍රිත ව ගෙන ආවේ එසේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන් හොද තොරතුරක් අප ලබා දී ඇත්තෙමු.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වීඑම්එස් ජාලය හරහා අදාල බහුදින යාත්‍රා දෙක අත් අඩංගුවට ගැනීමට පෙර මුලින්ම පරීක්ෂා කල දිනය සහ වේලාව ද එම තොරතුරු නාවික හමුදාව වෙත ලබාදු දිනය සහ වේලාවද සොයාගත හැකිය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුල හූණියම් ගොඩක් තියාගෙන නම් ජනාධිපතිවරයාට ලංකාව තුළ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සිහිනයක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *