ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ අත්ඩංගුවට ගෙන කෲර වදහිංසාවට ලක්කිරිම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට හා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුලු පස්දෙනෙකුට එරෙහිව නඩුපවරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට , හා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙි.
ඒ අනුව හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේගෙන් පොලිස් විශේෂ විමර්ශන එකකය ප්‍රකාශ සඑහන් කර ගෙන ඇත.
හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාට වැලිවෙිරියේදී එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයා 2009 දී නිතී විරෝධිව අත්ඩංගුවට ගෙන , වසර 14 ක් රදවා තබා ගැනිම හා කෲර වදහංසා පැමිණවිම සමිබන්ධයෙන් වු SCFR 644/2010 නඩු තින්දුව අනුව ඊට සම්බන්ධ පොලිස් නිළධාරින් සිව්දෙනෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වෙන වෙනම වන්දි ගෙවන ලෙසට නියෝග කර ඇත.
ඒ අනුව එවකට පොලිස් ත්‍රස්ත විමර්ශන එකකයේ පොලිස් අධිකාරි නිමල් පෙරේරා,පොලිස් පරික්ෂක ආබිදින්,
උප පොලිස් පරික්ෂක සුබේර් හා පොලිස් කොස්තාපල් සදරුවන් යන අයට රුපියල් ලක්ෂ තුණ බැගින් ගෙවිමට නියොග කර තිබෙි.
එහි අනෙක් වගඋත්තරකරුවන් වන එවකට ත්‍රස්තවිමර්ශන එකකයේ නියෝජ්‍ය පොලිස්පති නිමල් වාකිස්ට , සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න අල්විස් සහ එම කාලවකවානුව තුළ හිටපු පොලිස්පතිවරුන් වන මහින්ද බාලසුරිය, ජයන්ත වික්‍රමරත්න, නලින් ඉලංගකෝන යන අයට එරෙහිව මහාධිකරණයේ නඩු ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට නියෝග කර තිබෙි.

