යාපනයේ  ගුවන් තොටුපළේ සේවයට එකම ජාතියක් බදවා ගෙන ඇති නිසා මෙහෙයුම් කටයුතුවලට බධා

යාපනයේ  ගුවන් තොටුපළේ සේවය සදහා එම ප්‍රදේශයේම පුද්ගලයින් වැඩි පිරිසක් බදවා ගෙන ඇති නිසා පරිපාලන ගැටලු රැසක් මතුව තිබෙි.එම සේවකයින් අනෙක් අන්තර් ජාතික ගුවන්තොටුපළවලට ස්ථාන මාරු කිරිම් නොකිරිම නිසාද මෙම තත්වය උග්‍රවී ඇත.

විශේෂයෙන් විශේෂිතවු ආගමික හා සංස්කෘතික නිවාඩු දිනවල සේවකයින්ට නිවාඩු ලබා දීමෙිදී ආයතනය පවත්වාගෙන යාමේ ගැටලුවට පරිපාලනය මුහුණපා ඇත.

ආරක්ෂක අංශය හා ගිනිනිවිමේ අංශය පමණක් වෙනත් ප්‍රදේශවල ජිවත්වන පිරිස් සේවය කරන අතර පරිපාලනය අතුළු අනෙකුත් අංශවල 20 කට අධික පිරිසක් එම ප්‍රදේශයේ එකම ජාතියක්ට අයත් අපිරිස් විම නිසා මෙම තත්වය මතුව ඇත.

විශේෂයෙන් දීපවාලි , තෛපොංගල් , ආදි ආගමික උත්සව දිනවල මෙම තත්වය උග්‍ර වී තිබෙි.

2019 ඔක්තෝබර් 17 වන දින යාපනය ගුවන්තොටුපොල ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා යලි විවෘත වූ අතර මේ වන විට වසර 06 ක් ගතවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *