හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපති ධුරයට පාරින්ද රණසිංහ පත් කරන ලද්දේ නීතිපති කාර්යාලයේ යාවත්කාලීන වෙමින් තිබූ ඡ්‍යෙෂ්ඨත්වය නොසළකා හරිමිණි.සැබවින්ම ඡ්‍යෙෂ්ඨත්වය අනුව නීතිපති ධුරය හිමිවීමට අවස්ථාව සැළසී තිබුණේ අයේෂා ජිනසේනය.එහෙත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඒ ඡ්‍යෙෂ්ඨත්වය අදාල නොවීය.
ජාතික ජනබල වෙිග ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවද නීතිපති ධුරයේ වෙනසක් කිරීමට කිසිදු මැදිහත්වීමක් නොකිරීම නිසා මෙරට අධිකරණ ක්‍රියාවලිය තුළ බරපතල කඩා වැටීමක් සිදු වී ඇති බවට මේ වන විට නීති ක්ෂේත්‍රය තුළ සංවාදයක් මතු වී තිබේ.ඒ වර්තමාන නීතිපතිවරයා සැක සහිත ආකාරයට දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නීතිපති සතු බලය අවභාවිතා කරන බවට මේ වන විට ලබා දී අධිකරණ තීන්දු ගණනාවකින් තහවුරු වන නිසාය.
කෙසේ වෙතත් මෙම කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල ගැන නීතිපති කාර්යාලයේ ඡ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව අනාවරණය වේ.මෙහිදී වර්තමාන නීතිපතිවරයා විසින් ආන්දෝලනාත්මක නඩුවල චුදිතයන් පදනම් විරහිතව නිදහස් කිරීම පිළිබඳව හෙළි කර ඇති බවද සඳහන්ය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට ලන්ඩන් නුවරට ගිය සංචරය සඳහා මුදල් අනුමත කරන ලද හිටපු ජනාධිපති ලේකම් සමන් දිසානායක අත් අඩංගුවට ගැනීම සඳහා අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලා ඇතත් නීතිපතිවරයා ඒ සඳහාද අවසරය ලබා නොදුන් බවටද චෝදනාවක් එල්ලවී ඇත.
කෙසේ වෙතත් නීතිපතිවරයාට එරෙහිව මතු වී ඇති චෝදනා පිළිබඳව ජනපති අනුර කුමාර දිසානායකගේ අවධානය යොමු වී ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග වලින් පැවසේ.එහිදී නීතිපතිවරයා ඉදිරියේදී අභියාචනාධිකරණ විනිසුරු වරයකු ලෙස පත් කිරීමට නියමිතය.
එහෙත් නීතිපතිවරයාට එරෙහිව චෝදනා කරන පාර්ශවය ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔහුට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන විත් නීතිපති ධුරයෙන් නෙරපා හරින ලෙසටය.එහෙත් විශ්වාස භංගයක් ගෙන විත් නීතිපතිවරයා ධුරයෙන් නෙරපීම දේශපාලනික අර්ථයෙන් විවේචන මතු විය හැකි බැවින් ජනපතිවරයා මේ වන විට ගෙන තිබේ යැයි පැවසෙන තීරණය කාලීන වටිනාමක් පවතින්නකි.දීර්ඝ කාලයක් තිස්සේ ජාජබයට සම්බන්ධ නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නීතිපති ධුරය වෙනස් කරන ලෙසට කරන ලද ඉල්ලීමට ජනපතිවරයා ඇහුම්කම් දීම සාධනීය පියවරක් බව සැළකිය හැකිය.වර්තමාන නීතිපති පාරින්ද වික්‍රමසිංහ ගේ කෙරුවාව පිළිබඳව දීර්ඝ ලිපි පෙළක් ඉදිරියේදී පළ කිරීමටද අප සූදානම්ය
2026-01-13

