වසර විසි දෙකක් එකම තැන රාජකාරි කිරිමට වාසනාවන්තවු සමෘධි නිළධාරින්

පොදුජන එක්සත් පෙරමුණට සමිබන්ධ පාක්ෂිකයින්ට පමණක් සිමාවී 1994 ආණ්ඩුව විසින් රුපියල් දෙදහසක දිමනාවට බදවා  ගෙන පසුව රාජ්‍ය සේවයට ඇතුළ කළ සමෘධි සංවර්ධන නිළදාරින් එදා පත්විම ලබා ගත් කොඨඨාශයේම සේවය කිරිමට වාසනාවන්ත වී තිබෙි.

මෙම නිළදාරින් එකම කොඨඨාශයේ සේවය කිරිම නිසා සිදුවී ඇති දුසණ අක්‍රමිකතා බොහෝය.කොන්ත්‍රාත් කිරිම, ප්‍රතිලාභින්ගේ නමින්  ණය ලබා ගැනිම, ප්‍රතිලාභින්ගේ දිමනාවලට වහන් වී එම ජනතාවගෙන් වාසි ලබා ගැනිම ආදි දුෂිත ක්‍රියාවන් බොහොමයක ඔවුන් නියැලෙන බව වාර්ථාවෙි.

මේවනවිට රජයේ ස්ථිර පත්විම් ලාභින් ලෙස කටයුතු කරන සමෘධි සංවර්ධන නිළදාරින්ට රජයේ අනෙකුත් සේවකයින්ට ලැබෙන වරප්‍රසාද හිමි වුවත් ඔවුන් සේවය  පටන් දා සිට සිටින කොටඨාශයෙන් ස්ථාන මාරුවිම්නම් ලැබෙන්නේ නැත.වත්මන් ආණ්ඩුව බලයට පත්වන බව දැනගත් බොහොමයක් දෙනා එම වරප්‍රසාදය රැක ගැනිම සදහා මෙවර මාලිමාව මාරුවිය.ගම්වල තිබෙින දුප්පත් කම නැති කිරිමටනම් බළමුවෙන් කළයුත්තේ මෙම නිළදාරින් පිරිස ගමෙන් පිට කළාපයකට හෝ කොඨාශයකට මාරු කිරිමයි.එසේ මාරු කිරිමට උත්සහ දරන විට සමෘධි උපාධිධාරි කළමනාකරුවන්ට මේවන විටත් තරුජනයන්ට ලක්විමට සිදුවී ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *