ගාලු නගරාධිපති ගේ මස්සිනා ගිනි අවියක් සමග අත්ඩංගුවට ගත් පසුව නිළධාරීන්ට බලපෑම් කලේ කවුද?

 මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පසුගිය 06 වෙනිදා අත්ඩංගුවට පත්  ගාල්ල ,මොරවක, දෙල්ලව ලිපිනයේ පදිංචි පී.ජී චන්ද්‍රදාස යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.මෙම නියෝගය ගැනීම පසු පස ඇති කතාන්දරය කෙතරම් කේදජනකද යන්න එම ප්‍රදේශයේ ජනතාව නගන ප්‍රශ්නය වේ.

මෙම සැකකරු අත් අඩංගුවට ගැනීම ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත විශේෂ අපරාද වැලැක්වීමේ කණ්ඩාම විසින් සිදුකර ඇත.

අත්ඩංගුවට  ගත් අවස්ථාවේ නිළධාරීන්ට  “Well done” කියා සුබපැතූවද දකුනේ ප්‍රභළ ඇමතිවරයකු මැදිහත් වී එය කනපිට හරවා විමර්ශන නිළධාරීන්ගේ බී වාර්තාවද වෙනස් කර සැකකරුට ඇප ලබා ගැනීමට ක්‍රියා කර ඇත.

ගාල්ල නගර සභාවේ නගරාධිපති සුනිල් ගමගේගේ බිරිදගේ සොහොයුරා වූ මොහුගේ කැරැට්ටුව දන්නා ගම්වාසීන් මොහු අත්ඩංගුවට පත්වීම පිලිබද ඉමහත් සතුටට පත්වූවද එය පැය කීපයකට සීමා විය.

මීට වසර කීපයකට පෙර මෙම සැකකරු හා ඔහුගේ සොයුරා එක්ව අහිංසක ගම්වැසියෙකු  ඝාතනයක් සිදු කිරීම පිළිබඳ නඩුව වෙනත් ගිනි අවියක් ඉදිරිපත් කර නඩුවෙන් නිදහස් වූවද ප්‍රදේශයේ ජනතාව නගන ප්‍රශ්නය නම් වත්මන් රජයද මෙවැනි මිනීමරුවන් වෙනුවෙන් පෙනීසිටීම යුක්ති සහගතද යන්නයි.

මාලිමාවට ජන්දය දුන් දෙල්ලව ගම් වැසියන් පවසන්නේ රාජපක්ෂ පාලනය අවසන් කර අනුර කුමාර බලයට පත්කලේ ජඩ දේශපාලනය රටින් තුරන් කිරීමට මිස නැවත පවුල්වාදී අපරාධ රාජ්‍යකට නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *