දිට්වා සුළි කුණාටුවට මුවා වෙමින් මහාපාරිමාන සහල් මෝල හිමියන් හින්සීරුවේ සහල් මිල ඉහළ දමා තිබෙි.ඒ අනුව පාලන මිල ඉක්මවා රුපියල් තිහත් හැටක් අතර පරාසයකින් මිල වැඩි කර ඇත.
එම සුළි කුණාටුවෙන් මහාපරිමාන මෝල්වල වී තොගවලට හානි සිදුවු බවක් වාර්ථා නොවු අතර ඇතැම් ආයතන ජනතාවට සහන කටයුතු සදහාද දායකත්ව දැක්විය.
මේ අතර වී මිලද එම මෝල් හිමියන් විසින් ඉහළ දමා ඇති අතර නාඩු කිලෝ 64 ක මිටියක් රුපියල් 8600ත්, සමිබා රුපියල් දසදහසකටත්, කිරි සම්බා රුපියල් දොළොස් දහසක් දක්වා ඉහළ දමා තිබෙි.
එහෙත් මේවන විට රටේ කිසිදු ස්ථානයක අස්වැන් නෙළන තැනක් නොමැති අතර මෙිවන විට ඔවුන් සහල් කරමින් සිටින්නේ රපසුගිය යළ කන්නයේ රුපියල් හයදහස්පන්සියට ගත් නාඩු සහ රුපියල් අටදහසට ගත් කිරි සමිබා වී තොගය.එම වී වල සහල් මෙිසේ ඉහළ දැමිම පාලනය කිරිමට සිටින පාරිභෝගික සේවා අධිකාරිය හා වෙළද අමාත්‍යංශය ඔවුන්ට නතුවී සිටිම නිසා ලොකු මෝල්ලු ජනවාරියේ සිදු කරන සිය සුපුරුදු මිල වැඩි කිරිම කරගෙන යයි

