රජයේ වාර්ෂික දැන්විම් වියදම බිලියන තිස්පහකට ආසන්න වන අතර ඉන් තුනෙන් එකකට ආසන්න ප්‍රමානයක් රේනෝ සිල්වා හිමිකාරිත්වය දරන හිරු ආයතනයට ලබා දෙන බව වාර්ථාවෙි.
වර්තමාන රජය යටතේ වුවද රජයේ ප්‍රධානතම මූල්‍ය ආයතන වන ලංකා බැංකුව, මහජන බැංකුව , රක්ෂණ සංස්ථාව සහ මොබිටෙල් වැනි ආයතනවල බිලියන ගණනක ප්‍රචාරණ කොන්ත්‍රාත් හිමිව ඇත්තේ “මීඩියා ෆැක්ටරි” (Media Factory) ආයතනයට බව පැවසේයි.
මෙම ආයතනයේ නිල නොලත් හිමිකාරීත්වය රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන රෝහිත රාජපක්ෂ (චිචී) සතු බවත්, එහි ප්‍රධාන තනතුරු කලක් ටටියානා විසින් හෙබවූ බවත් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. වර්තමානයේ ජනාධිපතිවරයාගේ සමීපතමහිතවතෙකු හරහා මෙම ආයතනය සිය බලය තවදුරටත් තහවුරු කරගෙන තිබීම පුදුමයකි.
මෙම තත්වය නිසා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ලැබිය යුතු දැන්විම් නොලැබිම නිසා එම ආයතන දිනෙන් දින පාඩු ලබන බව ද සදහන්වේ.පෞද්ගලික දැන්වීම් ඒජන්සි ආයතන සහ රජයේ හිතවතුන් බිලියන ගණනින් මඩි තර කරගන්නා අතරතුර, රජයේ නිල මාධ්‍ය ආයතන පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය.
ජාතික රූපවාහිනිය වසර ගණනාවක EPF, ETF සහ VAT බදු ගෙවා නොමැති අතර ගුවන් විදුලි සංස්ථාව ද සේවක වැටුප් ගෙවීමට පවා නොහැකි මට්ටමට ආර්ථිකය කඩා වැටී ඇත.මිට අමතරව ITN ආයතනය දැවැන්ත මූල්‍ය අර්බුදයක හිරවී ඇත.

