දිට්වා සුළි කුණාටුවෙන් අසරණ වු ජනතාවට බෙදාදිමට දෙස් විදෙස් ආයතන හා පුද්ගලයින් ලබා දුන් ආධාර ඇතුම් රාජ්‍ය ආයතනවල බෙදා නොදි ගොඩගසා ඇති නිසා ඇතැම් එවා කල්ඉකුත් වී හා සතුන්ගෙන් හානි විමට පටන් ගෙන ඇති බව වාර්ථාවෙි.
එම ව්‍යසනය සිදුව දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් සමහර ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල එසේ ජනතාවට බෙදාදිමට තිබු ආධාර ගොඩ ගසා ඇති අයුරු දක්නට ලැබෙි.මෙම තත්වය නිසා ඇතැම් තැන්වල ගොඩ ගසා ඇති ආහාර ද්‍රව්‍ය මියන් හා වෙනත් කෘම්න්ගෙන් හානිවිමට පටන් ගෙන ඇත.
මේ අතර උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර ගොඩගසා තිබෙන ආපදා සහනාධාර ( වියළි ආහාර ද්‍රව්‍ය සහල් පිටි සීනී ,රෙදිපිළි ඇතුලු ද්‍රව්‍ය) ආපදාවන්ට ලක්වූ උඩදුම්බර ගම්වල ජනතාවට බෙදා නොදීම නිසා එම ආහාර ද්‍රව්‍ය කල්ඉකුත් වන තත්ත්වයකට පත්ව තිබෙන බව ප්‍රදේශයේ ජනතාව පවසති.
මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරියගේ හිතුවක්කාර පරිපාලනය නිසා මෙම ආහාර ද්‍රව්‍ය බෙදා දීම අඩපණව තිබෙන බව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාළනඥයන් පවසයි.උඩදුම්බර ප්‍රදේශීය ලේකම්වරිය මෙම සහනාධාර බෙදා නොදීම නිසා ඒවා කල්ඉකුත් වී මහජන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවතීම මහජනතාවගේ සෞඛ්‍යයටද තර්ජනයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුද පවසයි.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා මේ සම්බන්ධව සොයා බලා මෙම ආහාර තොග බෙදා දීමට කටයුතු කල යුතු බව උඩදුම්බර ජනතාව පවසති.මෙම සහනාධාර මාසයක් තිස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමරවල ගොඩගසා තිබෙන්නේ ඇයිදැයි උඩදුම්බර ජනතාව ප්‍රශ්ණ කරති. ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඇති කරවීම සඳහා උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය ක්‍රියාකරන බව උඩදුම්බර අවතැන් ජනතාව චෝදනා කරති.

