ශ්‍රී ලංකාවේ පොලීසිය භාර මහජන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක ලෙස සිටින්නේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රණවීර ය. 87-89 කාළයේ පිළියන්දල පුද්ගලික වධකාගාරයක් පවත්වාගෙන යමින් දේශප්‍රේමි ගිණුමට බැරකර ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණව තිරශ්චීන ලෙස මරා දැමූ , 1987 ජූලි කටුබැද්ද ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝව ගිණිතැබූ, 1988 පෙබරවාරි විජය කුමාරතුංග ඝාතනය කරවීමට ඝාතකයන්ට ගිණි අවිය සැපයූ ගාමිණී ලොකුගේ නම් දේශපාළුවාගේ පුතෙකු වන්නේ රණවීරය.
රණවීරගේ ඉතිහාසයද එසේය. ඔහුගේ මල්ලී සුමණ රණවීර කැස්බෑව ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු සභාපතිය. රණවීර 87-89 යුගයේ කළුතර වැලිපැන්නෙ පොලීසියේ ඕඅයිසී ය. එහි දී 89 නොවැම්බර් මාතලේ උලපනේ වත්තේදී රෝහණ විජේවීර අත් අඩංගුවට පත්වන විටත් ඔහුගේ පවුලේ ආවතේව කාරිය ලෙසට සිටි කළු අක්කාගේ ස්වාමිපුරුෂයා ව දෙතිස් වඳයට ලක් කොට තිරශ්චීන ලෙස මරා දැමුවේ මේ රණවීරමය. ඒ රණවීර ගේ ඉතිහාසයේ බිඳකි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න යනු පාස්කු ප්‍රහාරය සිදුවන බවට 2019අප්‍රේල 09 ලද ලිපිය 2019 අප්‍රේල් 21 දින පැය 11.47 ට විවෘත කර බලා පෙරදා දිනයක් සටහන් කර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල වෙත බෝලය පාස්කල පුද්ගලයාය. 2016 සිට සහරාන් හසීම් ගැන 300 වතාවකට වඩා ලිඛිත සහ වාචික තොරතුරු ලැබී තිබියදී 700 ක් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ගෙන් 5 දෙනෙකු පමණක් යොදවා සහරාන් හසීම් ගැන පරීක්ෂණ කර පාස්කු ප්‍රහාරය එල්ල වීමට මාර්ගය පෑදූ පුද්ගලයාය.
රණවීර මහින්ද රාජපක්ෂ ගේ මඟපෙන්වීම යටතේ සහ රවී සෙනවිරත්න සාගල රත්නායකගේ මග පෙන්වීම යටතේ තමන්ට එල්ල්වෙන චෝදනා සහ නඩු වලින් බේරීම සදහා ජාතික ජන බලවේගය වෙත පූට්ටු වූවන් ය. මේ ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමාවේ නායකයන් දැනුවත් කිරීමට එම බලවේගය තුල එකෙක් නොමැති වීම රටේ අවාසනාවකි.
ඔවුන් ඉතාමත් සූක්ෂමව වත්මන් ආණ්ඩුව අපකීර්තියට පත්කිරීම සිඳුකරමින් සිටීයි. ඒ සදහා නමට නීතීඥ කම්බාහොරෙක් වන පොලිස්පති සහ පෙර ආණුඩුවලට කඩේ ගොස් උසස්වීම් ලබාගත් උසස් පොලිස් නිළධාරින් පිරිසක් ඒ සදහා පූර්ණ සහයෝගය ලබා දෙමින් සිටීයි. ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ පොලීසිය භාර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැත. ඔවුන් දෙදෙනාම එලොව විකාරයෙන් මෙලොව අතගාමින් සිටීයි.
පොලීසියට අලුතින්ම උපදෙස් දී ඇත්තේ රාත්‍රී 10 න් පසුව පාරේ තනිව හෝ කණ්ඩායම් වශයෙන් ගමන් කරන අයව සැකපිට අත්ඩංගුවට ගන්නා ලෙසයි. සෑම දිනකම උදේ පැය 0600 ට පෙර දින රාජකාරී දෛනික වාර්තාව පොලිස් අධිකාරී කාර්යාලය ට යැවිය යුතු අතර එහිදී සැකපිට අත්ඩංගුවට ගන්නා පුද්ගලයන් 10 කට වඩා සිටිය යුතුමය. කිසිඳු සෙවිල්ලක් බැල්ලකින් තොරව පුද්ගලයන් අත්ඩංගුවට ගැනීම දැන් සෑම පොලිස් ස්ථානයකම සිදුකරයි. පීඩාවට පත්වන මිනිස්සු ඉස්සෙල්ලාම බනින්නේ පොලීසියට ය. ඊට පස්සේ බනින්නේ ජනාධිපතිවරයාගේ මවට සහ ආණ්ඩුවටය.
මෙසේ අත්ඩංගුවට පත්වන අයෙකු පොලීසිය සමග වාද කලහොත් ඔහුට හෝ ඇයට එරෙහිව පොලීසිය විසින් අයිස් , ගංජා හෝ හෙරෝයින් නඩුවක් දමනු ලබයි.
මෑතදී බොරැල්ල පොලීසියේ රථවාහන අංශය වෙත දඩ පත්‍රිකාවක් ලබා ගැනීමට පැමිණි රියදුරකුව එම පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන ඔහු වාද කල නිසා අදාල අයගේ දුරකතනයට ඇමතුම් දුන් අට දෙනෙකු එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා යටතේ නඩු පවරා ඇත. ඒ ගැන එම පොලීසියේම නිළධාරියකු විසින් තොරතුරු පොතේ සටහන් යොදා ඇති අතර සටහන් යෙදූ නිලධාරියාට ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස් ලොක්කන් ක්‍රියාත්මක විය. පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රමය ඒකය. දෙනදේ කා වෙනදේ බලාගෙන ඉන්න බැරි එකාට පොලීසිය යනු අපායකි.
87-89 කාළයේ මෙන් සවස 8 පසුව ගමන් යාම පුද්ගලිකව හානිදායක බවට කෘතිම භීෂණය ක් මවා පෑම මෙම අත් අඩංගුවට ගැනීමේ එක් අභිප්‍රායකි. එය විපක්ෂයට ආණුඩුවට එරෙහිව ජනතාව පෙළඹවීමට හොද අත් වැලක් වන්නේය. දැන් මේ ලිපිය බලා මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පාර්ලිමේන්තුවේ දී හෝ මයික් ඉදිරියේ දී හෝ එලෝවිකාරයෙන් දොඩවන්නේ නැතිව ලබා දී ඇති තොරතුරු පිළිබදව නිසි පරීක්ෂණයක් සිඳුනොකර හොත් ආවාට වඩා වේගයෙන් ආණ්ඩුවට ගෙදර යන්නට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක , ලේකම් සහ කම්බාහොරෙක් වන පොලිස්පති විසින් පාර කපනු ඇත.

