යාපනය ගුවන් තොටුපළේ පර්යන්තය ඉදිකිරිමට බළදාරින්ට ආරාධනා නෑ

යාපනය අන්තර් ජාතික ගුවන් තොටුපළේ පර්යන්තය ඉදිකිරිමේ කටයුතු පසුගියදා කිසිදු දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් තොරව එහි නිලදාරින්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙි.

අඩුම තරමේ යාපනය දිස්ත්‍රික්කය නියෝජය කරන ඇමතිවරුන්, මන්ත්‍රිවරුන් පළාත්පාලන නියෝජිතයින්, ආණ්ඩුකරවරයා, දිස්ත්‍රික ලේකම්වරයාටවත් ආරධනා කර නොතිබිම ගැටලු සහගතය.

මේ තරම් විශාල ව්‍යපෘතියක ආරම්භක අවස්ථාවට ගුවන්තොටුපළ අයත් අමාත්‍යංශයේ ඇමතිවරයා නොමැතිනම් නියෝජ්‍ය ඇමතිවරයා ,  අමාත්‍යංශ ලේකම්වරයා,හෝ  අඩුම ගානේ ගුවන්තොටුපල සභාපති,උප සභාපති අධ්‍යක්ෂක මණ්ඩලය සමාජිකයින්වත් සහභාගි කර ගැනිමට හැකියාව තිබුනේනම් ගුවන් තොටුපලේ ඇති අනෙකුත් අත්‍යවශ්‍ය අඩුපහඩුකම් ගැනද ඔවුන්ගේ අවධානය  යොමුවිමට තිබිණි.

2019 න් පසුව යාපනය ගුවන්තොටුපළේ රුපියල් කොටි තිහකට වැඩි වියදමක් දරා ඉදිකරන පර්යන්තයේ කටයුතු යාපනය ගුවන්තොටුපළ ප්‍රධාන කලමනාකරු, කටුනායක නියෝජ්‍ය කළමනාකරු,කොන්ත්‍රාත්කරු,සහ ඉන්ජනේරුගේ සහභාගිත්වයෙන් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *