ජනාධිපති ඇතුළු ආණ්ඩුව නොමග යවමින් බොරු විඳින නාර්කොටික් කුඩු කසිප්පු ඩීඅයිජී

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නොහොත් නාර්කොටික් භාර වත්මන් නියෝජ්‍ය ලලිත් ධර්මසේන යනු කුමාර රෝදය පොතේ සිටින මහ බොරුකාරයා පරදන පට්ට බොරු කාරයෙකි. ඔහු එසේ බොරු කියන්නේ ඔහුට එසේ බොරු කියා ජනාධිපති අනුර කුමාර දිසානායකව චූන් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක ලෙස ක්‍රියාකරන නෙළුම් මාවතේ පොහොට්ටු කාර්යාලයෙන් දීමනා ලබන ගාමිණී ලොකුගේ ගේ ඥාති පුතාවන හිටපු නියෝජ්‍ය පොලිස්පති රණවීය ලබා දුන් උපදෙස් මතය.

මෑතදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදී නියෝජ්‍ය පොලිස්පති ලලිත් ධර්මසේන කීමට උත්සහ කරේ ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස පැමිණි පසු එම ඒකකය මගින් ලංකාවේ එතෙක් මෙතෙක් අත් අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අල්ලීමට නායකත්වය දුන් පුද්ගලයා බවයි.

 නමුත් එය අතේ රෝල්වෙන බොරුවකි. සත්‍ය ලෙසම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඍජුවම මැදිහත් වී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමානය කිලෝ ග්‍රෑම් 5 කට අඩුය.

ගොඩබිමදී අත් අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය වූයේ තංගල්ල පොලීසිය මගින් සීනිමෝදර දී අත් අඩංගුවට ගත්

මත්ද්‍රව්‍ය තොගයයි. එය අත් අඩංගුවට පත්වන්නේ එහිදී මියගිය තුසිත නම් අයගේ පුතා විසින් කරන ලද පැමිනිල්ලක් මත සිදුකල පරීක්ෂාව නිසාය. එය ගමේ භාෂාවෙන් කියනවා නම් ” අන්ඳයා ගූ ගොඩකට පයිං ගැසුවා වගේය. ඒත් නියෝජ්‍ය පොලිස්පති ලලිත් ධර්මසේන ජනාධිපතිවරයාට කියන්නේ ඒ ගූ ගොඩට පයිං ගසන්න කියා අන්ඳයාට කීවේ තමන් බවය. මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 850 ක් , 55 ක්, 450 ක්, 520 ක් වශයෙන් මෙට්‍රික් ටොන්  දෙකකට ( 2 ) ආසන්න ප්‍රමානයක් මුහුදේදී අත් අඩංගුවට ගන්නේ නාවික හමුදාව විසින් ඔවුන්ගේ බුද්ධි අංශ මගින් ලත් බුද්ධි තොරතුරු මත මිසක් ඒ සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශක කල කෙංගෙඩියක් නැත.

නමුත් නියෝජ්‍ය පොලිස්පති ලලිත් ධර්මසේන ජනාධිපතිවරයාට කීවේ ඒ සියළුම වැටලීම් ඔහුගේ මග පෙන්වීම යටතේ කල බවයි. නියෝජ්‍ය පොලිස්පති අල්ලේ පැලවෙන බොරු කියනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක ගොයියා කියන්නේ කොහොමද මගේ නිර්දේශය අනුව නාර්කොටික් එකට ආපු නියෝජ්‍ය පොලිස්පති කියාය. මේ බොරු පිළිබදව ජනාධිපතිවරයාට හෝ මහජන ආරක්ෂක ඇමති තුමාට තේරුම් ගැනීමට නොහැකි වීම රටේ අවාසනාවකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කරොත් කරන්නේ අතයට ගානකපාගෙන අදාල මත්ද්‍රව්‍ය තොග සමග නාවික හමුදාව විසින් බාරදුන් සැකකරුවන් නිදහස් වීමට හැකිවන අයුරින් සටහන් යොදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමය.

පොලීසිය දිනෙන් දින පීචං වීමට කටයුතු කරන උන්ව ජනාධිපති විසින් ආරක්ෂා කරමින් තමන්ගේ වල තමන් විසින් ම කපා ගැනීම ගැන අපට කීමට ඇත්තේ ෂොරි සහෝදරයා කියා කීම පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *