මහනුවර දිස්ත්‍රික් වන කලාපයට අයත් රංගල ,තංගප්පුව ,නකල්ස් මීමුරේ අධි සංරක්ෂිත පරිසර වන රක්ෂිත කලාපය මැදින් ,පිහිටි ගංගප්පුව මී මුරේ මාර්ගය විවෘත කරවා ගැනීම සඳහා රංගල තංගප්පුව සහ මීමුරේ කඳු කලාපවල සංචාරක හෝටල් සහ කබානා ඉදිකරගෙන කෝටි ගණනින් මුදල් උපයන ව්‍යපාරිකයන් අහිංසක ජනතාව යොදා ගෙන විරෝධතා ව්‍යාර ආරම්භ කර ඇති බව වාර්ථාවෙි.
ඔවුන් අත දිග හැර මුදල් වැය කර රංගල තංගප්පුව මීමුරේ මාර්ගය විවෘත කරවන ලෙස රජයට බලපෑම් කර ,මී මුරේ ගම්වාසීන්ට අත යට මුදල් ලබා දී ,පසුගියදා තෙල්දෙණිය නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.
මෙම වැඩ පිළිවෙල පසු පස සිටින්නේ හෝටල් ජාවාරම් කාරයන් කීප දෙනෙක් සහ භාවනා කුටි සකසා විදෙස් සංචාරකයන්ට ඩොලර් වලට භාවනා කුටි සපයන ව්‍යාපාරික චීවරධාරියෙකි.එහෙත් මෙම මාර්ගය කිසිසේත් පොදුගමනා ගමන කටයතු සඳහා විවෘත නොකරන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.
පරිසර සංවිධාන රැසක් සහ පරිසර වේදීන්ද රංගල තංගප්පුව ,හරහා මීමුරේ දෙසට යොමුව ඇති මෙම සැතපුම් හයක මාර්ගය විවෘත නොකරන්නැයි තරයේ ඉල්ලීම් කර ඇත . වන සංරක්ෂිත නකල්ස් වන කලාපයේ වන සතුන් මෙන්ම පරිසරයද හානි වන අන්දමින් මෙම මාර්ගය පොදු ගමනා ගමනය සඳහා විවෘත නොකරන ලෙස පරිසර සංවිධාන රජයටද දන්වති.,එහෙත් ව්‍යාපාරිකයන් පිරිසක් සහ අතලොස්සක් වූ පිරිසක් රංගල තංගප්පුව මීමුරේ මාර්ගය කෝබට්ස් ගැප් දක්වා විවෘත කරවන ලෙස විවිධ බලපෑම් කරනු ලබන්නේ නකල්ස් වන රක්ෂිත කලාපයේ මීමුරේ කොබෝනිල්ල ,තංගප්පුව ,රංගල ,වැනි පෙදෙස් වල සංචාරක හෝටල් සහ කබානා ඉදිකර ඩොලර් උපයන කලලියක් බව පරිසර වේදීන් චා්දනා කරයි.
දැනටමත් අවිධිමත් ලෙස වනය එළිපෙහෙළි කර පසුගිය ආණ්ඩුවේ දේශපාළනඥයන්ගේ හෙංචයියලා ,තෙල්දෙණියේ හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙක් ,හිටපු ග්‍රාම සේවා නිලධාරින් ඇතුලු පිරිසක් සංචාරක කබානා ඉදිකර ,අවට
දැඩි පරිසර හානියක්ද කර තිබෙන බව පරිසර සංවිධාන චෝදනා කරති.
මෙම රක්ෂිත වන කලාපය මැදින් පොදු මාර්ගය ඉදිකිරීම තුලින් රක්ෂිතයේ සිදුවන පරිසර හානිය හේතුවෙන් රක්ෂිතයේ වන සතුන්ටද හානියක් වන බව පරිසර වේදීන් පෙන්වා දෙයි.මෙම පරිසර විනාශයට ආණ්ඩුවේ සහාය ලබා ගන්නට දැරූ උත්සාහයද මේ වන විට දියාරූවට පත්ව තිබේ.

