ඵළ නෙලු වසරක නිමාවෙන් අපේ ගමන් මඟ තුන් වසරට පාතබයි

ඇත්තටම අපි ආඩම්බරය. ඒ සෑම මොහොතකම සත්‍ය වෙනුවෙන් පෙනී සිටින නිසාය. අපි ඉතාමත් දරුණුය. ඒ වංචනිකයන් සහ දූෂිතයන් ට එරෙහිවය. වංචනික පුද්ගලයා ආණ්ඩුවේ පාර්ශ්වයේද විපක්ෂ යේද අපිට අදාළම නැත. ගත වූ 2025 වර්ෂයේ අපගේ ක්ෂේශපත්‍රයේ බිඳක් මේසේ සටහන් කරන්නේමු.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අතර ඇති ශීතල යුද්ධය ගැන අපි
හෙලිදරව් කරේ ගත වූ වසරේ ජනවාරි 4 වෙනිදා. එදා බොහෝ දෙනෙක් අපිට ඔච්චම් කළේය. ඒත් ඊට මාස 7 කට පසු එය එය එලිපිටම පුපුරා ගියේය.
පොලිස් පරීක්ෂකධූරයේ සිට නියෝජ්‍ය පොලිස්පති වෙනතෙක් පොලිස් රථවාහන අංශයේ සේවය කල ඉන්දික හපුගොඩ ගැන හෙළිදරව් කළේය. අවසානගේ පොලිස් කොමිසමට ඔහුව උතුරට මාරුකර යැවීමට සිදුවුයේය.
වසර 10 කට අධික කාලයක් කොටුව මහේස්ත්‍රාත් ලෙස තිළිණ ගමගේ සිටින්නේ කෙසේද කොහේ තියෙන නීතියක් යටතේදැයි අපි ප්‍රශ්න කළෙමු. වසර 10 කට අධික කාළයක් එකම පුටුවේ සිටි තිළිණ ගමගේට ස්ථාන මාරුවක් ලැබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ නිළ සංචාරයේ යාමට පෙර එම ගමන සංවිධානය කිරීමට පැමිණි හිටපු ඇමති ටිරාං අලස් ගේ ගෝලයකුවූ රාජ්‍ය නොවන සංවිධානයන්හි අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය හෙබවූ සංජීව විමල ගුණරත්න ගැන හෙළිදරව් කලෙමු. එම හෙලිදරව්ව නිසා සංජීව විමල ගුණරත්නව එම සංචාරයෙන් හැලීමට සිඳුවිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකාවේ සහ ජපානයේ නිළ සංචාරයේ යෙදුනේ පසුගිය සැප්තැම්බර් මාසයේ වුවත් එම සංචාර ගැන අප තොරතුරු හෙළිදරව් කරේ වසර මුලදීමය. අපේ තොරතුරු සේවය ඒ තරමට ප්‍රභල බවට එය හොඳ සාක්ෂියකි.
ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති වරයා සහ එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දෙපල විසින් බලපත්‍ර රහිතව ප්‍රවාහනය කල මහෝගනී කොට ලොරියක් අත්ඩංගුවට ගෙන අදාල ලොරිය වෙනුවට වෙනත් පරණ ලොරියක් හදුන්වා දී රුපියල් ලක්ෂ 20 ක්ලබා ගැනීම ගැන සිදුවීම සිදුවී පැය 48 ක්‍ යන්නට පෙර හෙළිදරව් කලෙමු. එම හෙළිදරව්වේ ප්‍රතිපලයක් ලෙසට පොලිස් නිළධාරින් දෙදෙනාටම රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට සිදුවිය.
අඹන්පොළ පොලීසියේ ස්ථානාධිපති ඔහුගේ නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩ සාදාගෙන වඩු බාස් කෙනෙකුට රුපියල් ලක්ෂ 10 ක පොල්ලක් තැබූ හැටි අපි හෙළිකෙළෙමු. එය පලවී පැය 24 ක් යන්නට මත්තෙන් වඩු බාසුන්නැහේට රුපියල් ලක්ෂ 5 ක් ස්ථානාධිපති විසින් ලබා දී තිබුණි. ඒගැන අපට ඇත්තේ ආඩම්බරය මුසු සතුටකි.
ගතවූ අප්‍රේල් මාසදී අප විශේෂ හෙළිදරව්වක් කලෙමු. ඒ කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සදහා ගෙන එන ලද උප්කරන ගුවන් හමුදාව සතු විශාල ගබඩාවක් තිබියදී මසකට රුපියල් ලක්ෂ 20 බැගින් ගෙවා හිටපු අමාත්‍යය රවී කරුණානායක ට අයත් ගබඩාවක ගබඩා කිරීම පිළිබදව යි. එම හෙළිදරව්ව නතර වූයේ එම ගබඩා කිරීම ගැන අදාල නිළධාරින්ව කෝප් කමිටුව ඉදියට ගෙන්වා ප්‍රශ්න කිරීමෙනි.
සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට කොලේ වසමින් පෙර ඇමති සිටිය කාලයේ කෝටි ගනනක් මුදල් ගෙවා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වන ලද ප්‍රමිතියකින් තොර කෘතිම උකුල් ඇට තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ ගබඩාවක සගවා තබා ගෙන සිටීම ගැන ලීවෙමු. අප එය හෙළිදරව් නොකරන්න සෞඛ්‍ය ඇමති පමණක් නොව රටටම එය අදටත් රහසකි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරද කරුවී මරණීය දන්ඩනය නියම වී බන්ධනාගාර ගත්ව සිටින දුමින්ද සිල්වා සහ විදේශීය තරුණියක් දූෂණය කොට ඇගේ පෙම්වතා මරා දැමීම පිළිබදව මරණීය දන්ඩනය නියමී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ දෙදෙනාව මුදල් ලබා ගනිමින් දීර්ඝ කාළයක් බන්ධනාගාර රෝහලේ රදවා තබාගැනීම ගැන හෙළිදරව් කලෙමු. ඒ වෛද්‍ය හේමන්ත ට විරුද්ධව ය. එම හෙළිදරව්ව පිලිබඳව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ පූර්ණ විමර්ශනයක් ආරම්භ කළේය. අවසානයේ හේමන්තද අත්ඩංගුවට පත්වි දුමින්ද සිල්වා හා සම්පත්ට යළිත් බන්ධනාගාර සිරමැදිරියටම යාමට සිදුවිය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු ඩීඅයිජී ඔෂාන් හේවාවිතාරණ සහ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර යන දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවරම් රුවන් සමග ඇති සහ සම්බන්ධතාවයන් සාක්ෂි ඇතිව ලීවෙමු. දෙදෙනාටම උන්හිටි තැන් දමා යන්නට සිදුවිය.
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලක්වීමේ ආඥා පනත අහෝසිකරන ලෙසට වත්මන් ආණුඩුවට එල්ලවූ ජාත්‍යන්තර බලපෑම ගැන ලීවෙමු. ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අහෝසි කර වෙනත් පනතක් ගෙනඒමේ කථිකාව මතුවී ඇත.
නාරාහෙන්පිට මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ ඉහල පුටුවල් අය පගාව ගන්නා අයුරු අපි හෙළිදරව් කලෙමු. ප්‍රතිපලය වූයේ අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාම මැදිහත් වී පගාව ගත් මුදල් සමගම එහි ලොක්කන්ව අල්ලස් දැලට කොටුකර ගැනීමය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු වැඩ බලන ඕඅයිසී මත්ද්‍රව්‍යකරුවන් සමග දාන ඩීල් අපි හෙළිදරව් කර පැය 72 ක් යන්නට පෙර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මැදිහත්වී නිළධාරියාව මාරුකර යැවීය. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල පුටු සෙලවෙන බව අපි කීවේ අදලා වෙනස් වීමට මාස දෙකකට කලිං ය.
පොලිස් සංස්කෘතික ඒකකයට අයත් අංක 62-0570 දරණ බස් රථයෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ විසින් කුරුණෑගල විලේගොඩ ප්‍රදේශයේ දී ඩීසල් විකුණන අයුරු ඡායාරූප සහිතව හෙළිදරව් කලෙමු. වැඩේ දැන් නතර වී ඇත්තේ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ ය.
කොළම අළුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී ගනේමුල්ල සංජීව නැමති අපරාධ කරු ඝාතනය කිරීමට ගිණිඅවිය ලබා දුන් නීතී වරියකගේ වෙස්ගෙන පැමිණි සෙව්වන්දි නැමැති කාන්තාව මෙරට සිටින බවට මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුව තුලදී සහ මාධ්‍ය හමුවලදී සපත කර කීවද ඇය ඉන්දියාවට පලාගිය බව අප මුලින්ම අනාවරණය කලෙමු. ඇයව අත්ඩංගුවට පත්වන්නේ ඉන්දියාවේ සිට නේපාලයට ගොස් සිටියදීය.
අපට එල්ලවූ තර්ජන කිසිවක් ගනන් නොගෙන පොලිස් නිළධාරින් සහ දේශපාලඥයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලය අතර ඇති සබදතාවයන් විටින් විට හෙළිදරව් කලෙමු. අද ඒවා එකින් එක සත්‍ය බව හෙළිදරව් වෙමින් පවතී.
වත්මන් ආණ්ඩුව නොමග යවමින් සම-හරක් ශ්‍රව්‍ය දුශ්‍ය මාධ්‍ය නාලිකා හරහා මැවූ මිද්දෙණියෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරිගේ ඉඩමේ තිබුනේ අයිස් මත්ද්‍රව්‍ය නොව ටැල්ක් නම් රශායනික ද්‍රව්‍ය බව අපි ලියනවිට මෙලෝ දෙයක් නොදන්න ඩෝබිලා අපට එරෙහිව අවලාද නැගුවද අවසානයේ අපකල හෙලිදරව්ව නිවැරදි බව රජයේ රස පරීක්ෂකවරයා අධිකරණය ඉදිරියේ තහවුරු කළේය.
දිත්වා සුළි කුණාටුව හරහා රටේ ඇතිවූ ව්‍යවසනයක තිබියදී ආණුඩුව පැවැත්වීමට සූදානම්වූ දින දෙකේ සැණකෙළියට යන මුදල් ව්‍යවසනයෙන් පීඩාවට පත් ජනතාව වෙත ලබාදිය යුතු බවට අප ලීවෙමු. ආන්ඩුව ඒ ගැන නිළ නිවේදනයක් නොකලද එය අවලංගු කිරීම ගැන ආන්ඩුවට අපගේ ප්‍රණාමය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පවතින දියඹේ ඇති බහුදින යාත්‍රා වන්හි ගමන් මග නිරීක්ෂණයට ලක්කල හැකි VMS ( Vessels Monitoring System ) පද්ධතිය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි සහ අවේක්ෂන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් විසින් එය පරීක්ෂා කිරීමට තුන්වෙනි පාර්ශ්වයන් වෙත එහි මුරපදය ලබාදුන් ආකාරය අපි හෙළිදරව් කලෙමු. “අබ කෑ එකාගේ මොළේ දනවා” කියන ගැමි කියමන සනාථ කරමින් එම පුවත පලවූ විගස පොලිස් පරීක්ෂක පැතුම් ආත්ම අදෝනාවක් මුහුණු පොත හරහා ලියා තිබුණි. එහිදී හිටපු පොලිස් නිළධාරියකු සමග වාදයට පැටලී අපගේ වෙබ් පිටුවට එරෙහිව නීති මගින් ක්‍රියාකරන බව ලියා තිබුණි. අපි බයවුනා හොදේ. පොලිස පොලිස් පරීක්ෂක පැතුම් වීඑම්එස් පද්ධතියට අයත් මුර පදය මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට ලබාදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නොවන 57 දෙනෙකු එම පද්ධතියට ඇතුළු වී ඇතිබව කරුණු සොයා තියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිසක් අපි නොවේ. අපගේ තොරතුර කොතරම් නිවැරදිද යත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන නිසි විමර්ශනයක් සිදුකර ඇත.
මෑතදී දකුණු දිසාව බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් විසින් ලබා දෙන ලද ඍජු නියෝග මත කුරුණෑගල උඩවල්පොල ලයිමේ දී මත්ද්‍රව්‍ය සමග කුරුණෑගල පොලීසියේ දූෂණ මර්ධන අංශය මගින් අත්ඩංගුවට ගත් ඔහුගේ ඥාති සොහොයුරන් දෙදෙනා මුදා හැර වෙනත් පුද්ගලයකුට 54 වගන්තිය යටතේ නඩු පැවරීම සම්බන්දයෙන් හෙළිදරව් කලෙමු. ඒ පිළිබදව පුලුල් විමර්ශනයක් සිදුකරන බව වාර්ථාවිය. බොහෝවිට එම විමර්ශනය කරන්නේ වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ පොලිස් කොස්තාපල් කාළයේ සිටම ඔහුගේ මිතුරා වන කූඨප්‍රකට කිත්සිරි ජයලත් බේරා අදාල පුද්ගලයන්ව නිදහස් කල නිලධාරීන්ට කෙලවීමටද කියා විමසිල්ලෙන් අපි බලා සිටින බවද කියන්නෙමු.
අප ලග විශ්ම කර්මයා හෝ අංජනම් දේවිය නැත. ඒත් අපට නිවැරදි තොරතුරු විද්යුත් තැපෑල මගින් එවන අප ලියන කියනදේ ගැන ඕනෑකමින් බලා සිටින පිරිසක් සිටී. ගතවූ වසරේ අප හා අත්වැල් බැඳගත් සියළුම පාඨකයන්ට අපගේ හෘද්‍යාංගම ප්‍රණාමය පුදකරන අතර අප ලියන සත්‍ය දැක කිපී අපට අවලාද නැගූ අයට සත්‍ය කිසිවිටෙක වැලලිය නොහැකි බව සිහිපත් කරනෙමු.
ඒ අනුව නව වසරේ අප පුවත් වෙබ් අඩවිය තවත් විශේෂාංග රැසක් එකතු කිරිමට සැලසුම් කර ඇත.ඊට අමතරව දුෂණයට එරෙහි, වංචාවට එරෙහි ඔබ නව ආණ්ඩුවේ ගමන් මගේ ඇති ඇතැම් අඩුපහඩු පෙන්වා දෙමින් වැටි ඇති රට යළි ගොඩ නැගිමට මතවාදි සහයක් ලබාදිමට ඔබටත් අවස්ථාවක් ලබාදිමට අප තිරණය කළෙමු.එහිදී පටු වාසි , කොන්තර වෙනුවට සත්‍ය දෑ පමණක් අප වෙත විද්‍යුත් තෑපෑල මගින් එවිය හැකි අතර ඔබ අපව විශ්වාශ කරන තරමටම එම විශ්වාෂය අප රැකිමටද වග බලා ගන්නේමු.ඒ අනුව ලබන්නා වූ 2026 වසර දූෂණයට ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවන අවස්ථාවන්වලදී පෑන අවියක් කරන තවත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.අපගේ සියලු සහෘද පාඨක ඔබට සුභ නවවසරක් වෙිවා…!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *