ඇබ්බැහි වූ නාර්කොටික් කුඩු හා  කසිප්පු ඩීඅයිජී සහ හොර සිගරට් ඒඑස්පී දෙදෙනා වහාම ඉවත්වෙනු

 මත්ද්‍රව්‍ය කාර්ය්‍යංශ්‍ය සමිබන්ධයෙන් පසුගියදා  විශේෂ හෙළිදරව්වක් ඉදිරිපත් කළේය . ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සහ සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න යන දෙදෙනා විසින් පොලිස්පති වරයා නොමග යවමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි සහ ආවේක්ෂන අංශයේ ස්ථානාධිපති ලෙස සිටියදී සිදුකරන ලද විශමාචාර ක්‍රියා හේතුවෙන් එම අංශයෙන් නෙරපූ පොලිස් පරීක්ෂක පැතුම් නැමති නිළධාරියාව නැවත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත නැවත ගෙන ඒමට දරණ උත්සහ පිළිබදවයි.

මෙම පුවත දුටු විඟස වැඩේ ගැස්සෙන බව දැනගත් පියා කසිප්පු විකුණූ අයියා අදටත් මත් කුඩු විකුණන පවුලකින් පැවත එන පොලිස් මත්ද්‍රව්‍ය කර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සහ පොලිස් උපසේවයට බැඳී පොලීසියට එකතුවූ කෙසෙල්වත්ත පොලීසියේ සිටියදී පොට්ට නවුෆර්ගේ ගෝලයන් සමග එකතුවී ලංකාවේ නීති විරෝධී සිඟරට් ජාවාරම මෙහෙයවන සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න දෙදෙනා විසින් හිතා මතාම මාධ්‍ය වෙත බොරු තොරතුරු මුදාහැර ඇත.

සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්නගේ මුදල් එකතු කරන පොලිස් පරීක්ෂක පැතුම් නිළධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන වීඑම්එස් ( මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා ඇති තැන් සහ ගමන් මාර්ගය නිරීක්ෂණය කරන) පද්ධතියේ මුරපදය පිටස්තරයන්ට ලබාදීම ගැන පරීක්ෂණය මෑතදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිට පිටතට මාරුකර යැවූ නිළධාරීන්ට එරෙහිව කරනු ලබන පරීක්ෂණයක් ලෙස අර්ථ ගන්වා මාධ්‍ය වෙත කරුණු මුදාහැර තිබේ. එය හිතාමතාම සත්‍ය වසන්කර ජනතාව වෙත කරුණු ඉදිරිපත් කිරීමකි.මේ සදහා පොලිස්පතිවරයාගේ පූර්ණ අනුග්‍රහය ලැබුන බව කුඩු නියෝජ්‍ය පොලිස්පති කීවාට අපි එය විශ්වාස නොකරමු.

එහෙත් ඔහුව එම පුටුවට කැදවීමට කටයුතු කල පොලීසිය භාර අමාත්‍යාංශයේ උපදේශක ලෙස සිටින රජයෙන් වැටුප් නොගන්නා ඒත් අදටත් පොහොට්ටුවේ නෙළුම් මාවත කාර්යාලයෙන් දීමනා ලබන හිටපු අමාත්‍යා ගාමිණී ලොකුගේගේ ඥාති පුතකු වන විශ්‍රාමික  නියෝජ්‍ය පොලිස්පති රණවීර සිටින බව හොඳින්ම දනිමු. කවුරු මොනවා කීවත් ඉහලම කෙනෙකු මගේ ආරක්ෂාවට ඉන්නවා කියා ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ රණවීර ගැන බව පොලිස් මූලස්ථානයේ ප්‍රසිද්ධ රහසකි.

පොලිස්පතිවරයා දැන් කලයුතු කාර්ය්‍යක් ඇත. එනම් සත්‍ය විකෘති කොට මාධ්‍ය වෙත තොරතුරු මුදාහැර ඇති අය ගැන සොයා විඳිමත් පරීක්ෂණයක් සිඳුකිරීමය.  පොලිස් දෙපාර්තමේන්තුව තුල විඳිමත් මාධ්‍ය ඒකකයක් ඇති බැවින් එක එක සිපයියන්ට උන්ගේ පැටිකිරිය සහ වැරදි වසා ගැනීමට මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරු ලබා දීමට අවස්ථාව ලබාදීම දැන්ම නතර නොකල හොත් පොලිස් දෙපාර්තමේන්තුව ළිදලග සංගමය බවට පත්වීම නතර කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට නොව සක්කරයාගේ පුතාවන වයිමාටද බැරිවනු ඇත.

කුඩු කසිප්පු පවුලකින් පැවත එන නාර්කොටික් ඩීඅයිජී ගේ පැටිකිරිය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ  දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි දැනට විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවරම් කරුවෙකු සේම මිණීමරුවකු වන ශෙහාන් සත්සර නොහොත් දෙහිබාලේ සමග තිබූ ඇසුර ගැන අප  හෙළිදරව් කිරිම නිසා ඔහුට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිට පිටතට යෑමට සිදුවිය.  එම පුටුව ආවරණය කිරීමට පොලිස් අමාත්‍යාංශයේ උපදේශක විශ්‍රාමික  නියෝජ්‍ය පොලිස්පති රණවීරගේ නිර්දේශය මත කැදවූයේ මීගමුව කොට්ඨාස භාර නිලධාරියාව සිට නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස්වීම් ලද කේ.ඩී.ජී. ලලිත් අශෝක ධර්මසේනය.  ඔහු පැමිණි විගස බොහෝ දෙනා ඔහු ගැන නිසැදැස් ලීවාට අපි කළබල නොවී සිටියෙමු. ඒ අපි පලකරන්නේ අපට දෙන තොරතුරු වල සත්‍යථාවය පිළිබදව එක් වරක් නොව සිය වතාවක් සොයා බැලීමෙන් අනතුරුව ය. මේ පල කරන්නෙත් එවැනි මාසයකට අධික කාළයක් සොයා බැලූ සත්‍ය වාර්තාව වන ඩීඅයිජී කේ.ඩී.ජී.ලලිත් අශෝක ධර්මසේන ගේ පැටිකිරියයි.

1981 ජූලි 21 දින කහගල්ලේ දේවයලෑ ගෙදර ධර්මසේනට සහ ඇති පැටියාගේ ගෙදර ස්වර්ණා දයාවතී යන දෙදෙනාට දාව කහගල්ලේ දේවයලෑ ගෙදර ලලිත් අශෝක ධර්මසේන මෙලොව එලිය දුටු අතර ඔහු එම පවුලේ දෙවෙනි දරුවා විය.

පියා 2023.මිර්තු 01 දින මිය පරලොව ගිය අතර  රැකියාවක් ලෙස කර ඇත්තේ නීති විරෝධී මත්පැන නොහොත් කසිප්පු විකිණීමය. මව 2021.ඔත්තොම්බර්.22 මිය ගොස් ඇති අතර ඇය රැකියාවක් කර නොමැත.

1984 පෙබරවාරි 15 උපත ලැබූ කහගල්ලේ දේවයලෑ ගෙදර දිලානි පුෂ්පා කුමාරි නම් නැගෙණියක් සිටී. ඇය කරුණාරත්න දිසානායක යන අය සමග විවාහ වී කැකිරාව ප්‍රදේශයේ දැනට පදිංචිව සිටී.

1978 ඔක්තෝබර් 09 වෙනි දින උපත ලද කහගල්ලේ දේවයලෑ ගෙදර උපුල් නිලන්ත ධර්මසේන නොහොත් කොන්ඩයා යන අනවර්ථ නාමයෙන් හදුන්වන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ මත්ද්‍රව්‍ය විකිණීම කරන වැඩිමහල් සහෝදරයකු ද සිටී.

ඔහු ගැන සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන්නෙමු.

අංක 782832514  හැදුනුම් පත්‍රයක් හිමි නිලන්ත ධර්මසේන අංක 188/ඒ යමන්මුල්ල අකුරම්බොඩ මාතලේ ලිපිනයේ පදිංචිව සිටීයි. ඔහු අකුරම්බොඩ ජාතික පාසලෙන් මූලික අද්ධ්‍යාපනය ලබා පාසලෙන් නික්මී ත්‍රීරෝද රියදුරකු ලෙස සේවය කර ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම නිසා එම රැකියාව අහිමි වී ඇත. ඉන් පසුව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර ඇත. ඔහුගේ පළමු විවාහයේ බිරිඳ පිලිකාවක් වැලඳී මිය ගොස් ඇති අතර ඉන් පසුව කාන්තාවන් කීපදෙනෙකු සමග ජීවත් වී ඇතත් ඒ සියළුම දෙනා ඔහුව හැර ගොස් ඇත.

පොලිස් ලේඛන පරීක්ෂාවේදී සහ වීපීඑන් දත්ත පරීක්ෂා වේදී පහත තොරතුරු අනාවරණය වේ.

 1. 2016.සැත්තැම්බර් 19 ගලේවෙල පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය සංතකයේ තබා ගැනීමේ වරදට අත් අඩංගුවට ගෙන ඇත

 2. 2018.ජනවාරි 17 දින හෙරෝයින් මිලිග්‍රෑම් 50 ක් ලග තබා ගැනීම ගැන මහවෙල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන පල්දෙණිය උසාවියට ම/උ 25531 යටතේ ඉදිරිපත් කර රුපියල් 5000/= ක දඩයකට යටත් කර ඇත.

 3. 2021.මැයි 14 ගලේවෙල පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන මුදාහැර ඇත

 4. 2021.දෙසැම්බර් 22 දින ගංජා මිලිග්‍රෑම් 2180 ක් ලග තබා ගැනීමේ චෝදනාවට මහවෙල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන නඩු අංක ම/උ 40919 යටතේ පල්දෙණිය උසාවියට ඉදිරිපත් කර රුපියල් 5000/= ක දඩයකට යටත් කර ඇත

 5. 2022.මාර්තු 22 කොළඹ කොටුව පොලිස්ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන මුදාහැර ඇත.

 6. 2021ඔක්කොම්බර් 22 ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින්  අත් අඩංගුවට ගෙන ඇති අතර එහි තොරතුරු වසන්කර ඇත.

 7. 2021 පෙබරවාරි 22 මහවෙල පොලීසිය මගින් වරෙන්තුවක් යටතේ අත් අඩංගුවට ගෙන ඇත.

 8. 2023.දෙසැම්බර්17 දින ගලේවෙල පොලිස් ස්ථානය මගින් හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2120 ක් ලගතබා ගැනීමේ වරදට අත් අඩංගුවට ගෙන 2023.දෙසැම්බර් 18 දින සිට 2023.12.22 ගලේවෙල පොලිස් ස්ථානයේ රඳවාගෙන විමර්ශනය කර අධිකරණය වෙත ඉදිරිපත් කර දින 14 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත. ඇප ලබා පැමිණි පසුව 2024.09.03 දින අධිකරණයේ දී වරද පිළිගෙන රුපියල් 10000/= ක දඩයක් නියම කර ඇත.

 09. 2024 ජනවාරි 21 දින මහවෙල පොලීසිය මගින් වරෙන්තුවක් සදහා අත් අඩංගුවට ගෙන ඇත

මෙම කරුණු වලින් 8 වෙනි කරුණ යටතේ ඔහු ලග තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සදහා මුල් නඩුව පවරා ඇත්තේ ජාවාරම යටතේ ය. ප්‍රමාණය අනුව වරදකරු වුවහොත් මරණීය දන්ඩය ලබාදිය හැක. රස පරීක්ෂ වාර්තාව අනුව ප්‍රමාණය අඩුවී ඇත.  ඩීඅයිජී මල්ලීගේ මැදිහත් වීම මත ජාවාරම සංතකය දක්වා වෙනස් වී ඇත.

පොලිස් තොරතුරු තාක්ෂණික ( I T ) ඒකයේ සේවය කරන පොලිස් සැරයන් රණසිංහ ලවා මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන් සහ ඇබ්බැහි වූවන් පිළිබදව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඇති දත්ත මකා දැමීමට ඩීඅයිජී ලලිත් අශෝක ධර්මසේන කීප විටක් උත්සහ දරා ඇත. නමුත් ඒ සදහා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලූකා පෙරේරා විරුද්ධ වී ඇත. එයට උරන වූ ඩීඅයිජී ලලිත් ධර්මසේන අසත්‍ය වාර්තාවක් පොලිස්පති වෙත ඉදිරිපත් කර ඇයව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් බැහැරට මාරුකර යවා ඇත.

ඇබ්බැහි වූවන් සහ ජාවරම් කරන උන් ගෙන් පැවත එන පවුලක එකෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඩීඅයිජී වෙලා සිටියදී  ජනාධිපතිවරයා රටවටේ කටවුට් ගසා සමාජ මාධ්‍ය ජාලා තුල ඇබ්බැහි වූවන් වහාම ඉවත්වෙනු කීවාට වැඩක් නැත. එය ගඟට කැපූ ඉනිසේ ගසාගෙන යනු ඇත. ජනාධිපතිතුමාව රවටමින් පොලිස් දෙපාර්තමේන්තුව වනසමින් පොලිස් අමාත්‍යාංශයේ උපදේශක මහතා සිදුකරන ඩබල් ගේම ජනාධිපතිවරයාට තේරෙන විට  කල් ගතවි හමාරය.එදාට ප්‍රමාදය විනාශය හේතුවේ කියා සිත හදා ගැනීමට බොහෝ දෙනෙකුට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *