විදේශ ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය බිලියන 1.5ක වැඩි සමාගමකට දෙන්නේ කොමිස් නිසාද

ආගමනවිගමන දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1 දශම 5කට වඩා වැඩි පාඩුවක් විදේශ ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණයෙන් රටට සිදු කිරීමට මේ වන පිඹුරුපත් සකසමින් සිටීයි. ඒ ජනතා විමුක්‍තී පෙරමුණේ ජේෂ්ඨය හේතුවෙන් කාඩරයේ ලැබී ඇති වරප්‍රසාධ භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකවද නොමග යවමිනුයි. මේ පිලිබද ලිඛිතව පැමිණිල්ලක්ද මේ වන විට යොමු කර තිබෙි..

විදේශ ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය (Travel Document Personalization)  සදහා පිලිගත් දේශීය ආයතනයක් විගමන දෙපාතමේන්තුව හා එක්ව කටයුතු කරයි. දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත මෙම ආයතනය වැනි ආයතන රටට විදේශ විනිමය ඉතිරි කිරීම හා උපයා දීම වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ද ක්‍රියාත්මක කර ඇත. එහෙත් කොමිස් නොඉල්ලන බව කියන වත්මන් රජය ඉදිරි වසර පහ තුළ අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආ‍ර්ථික ඉලක්කයක් සමඟ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය අමෙරිකානු ඩොලර් බිලියන 5ක කර්මාන්තයක් බවට පත් කිරීමට දැක්මක් ඇති බවට කට මැත දොඩමින් සිටින බව ඔබ දනීයි.

කෙසේ වෙතත් රටට විදෙස් විනිමය ඉතුරු කරමින් සිදුකළ හැකි ව්‍යාපෘති දේශීය සමාගම් වෙත ලබා නොදීමට ඔවුන් කටයුතු කරන්නේ ලැනෙන වෙනත් වරදාන වර්ප්‍රසාද කාගේ පොකෙට්ටුවට යනවාදැයි ප්‍රශ්නයක්ද ඇති කරමිනුයි.

ගංවතුරෙන් අවතැන් වූ ජනතාව සදහා නිවාස 300කට වඩා වැඩි ප්‍රමාණයක් සියලු පහසුකම් සහිතව ගොඩ නැගිය හැකි අතිරේක මුදලක් රජය විදේශ ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය (Travel Document Personalization) සදහා අමතර මුදලක් ලෙස විදෙස් ආයතනයකට ලබාදීමට සූදානම් වෙයි. එය විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 3,150,000ක් පුද්ගලාරෝපණය කිරීම

සඳහා රු. 2,288,233,610.00ක පිරිවැයකි.මෙය දේශීය ආයතනය ඉදිරිපත් කළ මුදලට වඩා රුපියල් බිලියන 1.5ක වැඩි මුදලකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *