පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හෙවත් නාකොටික් බියුරෝ යනු ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ කිරීම සදහා 1986 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස ස්ථාපනය කරන ලද ආයතනයකි. කාලයාගේ ඇවෑමෙන් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයෙන් ඉවත්කර වෙනමම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ක්‍රියාත්මක වන ඒකකයක් බවට පරිවර්තනය වී ඇත. එහි ප්‍රධාන අංශ කීපයකි. පාලන අංශය මෙහෙයුම් අංශය සහ බුද්ධි අංශය සහ උසාවි අංශය ඒවායින් ප්‍රධාන තැනක් ගනී. මින් විශේෂ වන්නේ බුද්ධි අංශයයි. ඒ එහි සිටින නිළධාරින් සමාජයට මාධ්‍යයට නිරාවරණය නොවී රහසේ තබා ගැනීමයි. මෙහෙයුම් අංශය කොතරම් මෙහෙයුම් කලද ඒ සදහා බුද්ධි තොරතුරු ලබා දෙන්නේ එහි බුද්ධි අංශය විසිනි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශය විසින් ගොඩබිම සේම මුහුදේ සැරි සරන බෝට්ටු ගැනද විමර්ශනය කරන්නේය. එය VMS පරීක්ෂාව ලෙස කෙටියෙන් හදුන්වයි. මෙය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි අංශය විසින් පමණක් තොරතුරු සොයා බලන අතර පොලිස් දෙපාර්තමේන්තුවේ වෙන කිසිවෙකුටත් එය පරීක්ෂා කිරීමට නොදෙන කාර්ය්‍යකි.
දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සමීප රූප අධීක්ෂණ අංශයේ ( සීසීටීවී) සේවය කරන පොලිස් පරීක්ෂක පැතුම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ බුද්ධි සහ ආවේක්ෂන අංශයේ ස්ථානාධිපති ලෙස කලක් රාජකාරි කළේය. එම කාලය තුලදී සති වාර්ථා විමර්ශන සටහන් ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයාට ඉදිරිපත් නොකිරීම, රාජකාරිය පැහැර හැරීම , අකාර්යක්ෂමතාව සම්බන්දයෙන් චෝදනා එල්ලවිය. ඒ පිළිබදව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පොලිස්පතිවරයාගේ නියෝග අනුව දැනටත් පරීක්ෂණයක් පැවැත් වෙමින් පවතී.
ඔහුට එල්ල වූ බරපතළම චෝදනාව වූයේ මුහුදේ ඇති බහුදින යත්‍රාවල ගමන් මග සහ එම යාත්‍රා හිමිකරුවන් ගේ පූර්ණ විස්තර පරීක්ෂා කිරීමට හැකි වී.එම්.එස් පද්ධතියට ඇතුල් විය හැකි මුරපදය මුදලට පිටස්තර පුද්ගලයන්ට ලබා දීමය. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනමම පරීක්ෂණක් පවත්වමින් සිටීයි. මෙම චෝදනා හේතුවෙන් ඔහුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් බැහැරට මාරුකර යැවීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ධම්මික සේනාරත්න නම් නිළධාරියකු සිටීයි. ඔහු පොලිස් උපසේවට බැදී පොදුවේ නිත්‍ය සේවයට අන්තර් ග්‍රහණය වූවෙකි. ඔහු කෙසෙල්වත්ත පොලීසියේ ස්ථානාධිපති ලෙස සිටින කල එම පොලිස් වසමේ ඇති ගණිකා නිවාසවලින්සහ සම්භාහන ආයතන වලින් පමණක් නොව ලංකාවේ වැඩිම හොර සිගරට් ජාවාරම කර සිරගතව සිටියදී මියගිය පොට්ට නවුපර් ගේ ගෝලයාවූ අක්‍රම් යන අයගෙන් මාස් පතා මුදල් එකතු කළේය. ඉහත සටහන්වූ පොලිස් පරීක්ෂක පැතුම්ට අදටත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් මෙහෙයුම් වලට යැවීමට පෙර ඒඑස්පී ධම්මික සේනාරත්න අදාල වැටලීමට යන ස්ථානය පැතුම්ට දැනුම් දෙන අතර පැතුම් අදාල මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට ඍජුවම අමතා තොරතුර ලබාදී මුදල් එකතු කරයි.
වෙනම ඒකකයක සිට මෙය සිදුකරනවාට වඩා පොලිස් පරීක්ෂක පැතුම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටම එම කටයුත්ත කිරීම හොද බව සහකාර පොලිස් අධිකාරි ධම්මික සේනාරත්න තීරණය කර ඇති අතර ඒ සදහා කුඩු පවුලකින් පැවත එන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අශෝක ධර්මසේන පූර්ණ අනුග්‍රහය දක්වා ඇත.
තම නිළයට නුසුදුසු ලෙස රාජකාරී කිරීම නිසා දඩුවම් මාරුවක් ලබා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් එලවා දැමූ පොලිස් පරීක්ෂක පැතුම් ව නැවත මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී සදහා අනුයුක්ත කරන ලෙසට පොලිස්පතිතුමා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
කුඩු පවුලේ ඩීඅයිජී හොර සිගරට් ජාවාරමේ යෙදෙන ඒඑස්පී සමග මත්ද්‍රව්‍ය රට තුලට ගෙනඑන බහුදින යාත්‍රා සදහා සහය ලබා දෙන පොලිස් පරීක්ෂකත් එකතු උනාට පසුව මත්ද්‍රව්‍ය රට තුල පැතිරීම නතර කිරීමට ජනාධිපතිවරයා දරන අවංක උත්සහය පුස්සක් වී පුනරුදයේ කුඩු අයිස් යුගයක් නිර්මානය වීම කිසිවෙකුටත් නතර කල නොහැකි වනු ඇත.

