නීතීවිරෝධිව එකලස් කරන ලද 48 සිසී වර්ගයේ යතුරු පැදි අලෙවි කිරිම තහනම්ව තිබියදී වයඹ පළාත භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් මෝටර් රථ දෙපාර්තමෙින්තුවේ හිටපු කොමසාරිස් ජෙනරාල් නිසාන්ත විරසිංහ මහතාගේ සහයෙන් ලියාපදිංච් කර විකිනිම ජාවාරමක් පිළිබද තොතුරු හෙළි කර ගැනිමට හැකිවිය.
මෙම වර්ගයේ යතුරුපැදි අලෙවි කිරිම සදම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළි කිරිමත් සමග කුරුණෑගල ප්‍රදේශයේ එවා අලෙවි කළ ස්ථානවලින් එම යතුරුපැදි ඉවත් කර සැගවා ඇත. පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුදුගලික සහකාර ලෙස කටයුතු කරන පොලිස් පරික්ෂක ගංගනාත යොදවා එසේ සගවා තිබු යතුරුපැදි හිමිකරුවන්ගෙන් ලක්ෂ තුනහමාරකට අලෙවි කළ යුතරු පැදියක් රුපියල් ලක්ෂයක වැනි මිලකට ලබා ගෙන තිබෙි.
පසුව හිටපු මෝටර්රථ කොමසාරිස් ජේනරාල්වරයා හරහා වෙනම BJG කාණ්ඩ අංකයක් ලියාපදිංච් කර එවා කුරුණෑගල හා අනුරාධපුර දහයියාගම ඔහුට අයත් වෙළදසැළේ රුපියල් ලක්ෂ තුනහමාරට වැඩි මුදලකට අලෙවි කර ඇත.
අමතර කොටස් ලෙස රේගුවෙන් නිදහස් කරගන්නා මෙම බයිසිකල් සඳහා රේගුවටද අත යටින් මුදල් ලබා දී මෙම යතුරුපැදි මෙරටට හොර රහසේ ආනයනය කරයි.
මෙම ජාවාරමට හසුව යතුරුපැදි මිලදී ගත් අහිංසක ජනතාව මාර්ගවල ධාවනය කරන විට පොලිස් නිලධාරීන්ට හසුවුවිට ඔවුන්ට අත යටින් ගනුදෙනුවක් ලබා දී බෙිරිමට සිදුව තිබෙි.
මෙම දූෂිත ඉහළ පොලිස් නිලධාරින් එකතුව මෝටර් සයිකල් 250 කට ආසන්නන ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත. හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මුලින්ම උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් රාජ්‍ය සේවයට එක්වූ නිලධාරියකු වනන අතර පරිපාලන සේවයට එක්ව ඇත.
තවද කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් වශයෙන් සිටි උදය කුමාර නැමැති පරිපාලන නිලධාරියාද මේ වකවානුව වන විට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස එම ස්ථානයට රාජකාරිය සඳහා යාම මෙම දූෂිත පොලිස් ලොක්කාගේ දූෂිත ක්‍රියාදාමයට ඉවහල් වී ඇත. තවද මොහු කිත්සිරි ජයලත්ගේ විශ්වවිද්‍යාල කාලයේ සමකාලිනයකු වීමද හිතවත්කම් වැඩි දියුණු කර ගැනීම සඳහා ඉවහල් වී ඇත.

